පවන්තගේ අර්ධ ශතකය සමඟ Mode Engineering ජය ලබයි

31st Singer MCA Super League 2024

85
31st Singer MCA Super League 2024

2024 MCA Super League තරගාවලියේ එක් තරගයක් ඊයේ (08) කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

BBK Partnership සහ Mode Engineering කණ්ඩායම් අතර පැවැත්වුණු මෙම තරගයට වර්ෂාවෙන් ද යම් පමණකට බාධා එල්ල වූ නමුත්, කෙසේ හෝ තරගයෙන් තීරණයක් ලබා ගැනීමට හැකි වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් BBK Partnership කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 132ක් පමණයි. මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කමිල් මිශාර පන්දු 35ක් පමණක් වැය කරමින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර, යශෝධ ලංකාගේ පිත්තෙන් ලකුණු 22ක් ඉනිමට එක් වුනා.

Mode Engineering වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ දිලුම් සුදීර, අරුල් ප්‍රගාශ්, ඩිල්ශාන් ද සොයිසා සහ සඳුන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මෙම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු Mode Engineering කණ්ඩායම පන්දුවාර 27ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 130ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ඔවුන්ට Duckworth-Lewis න්‍යාය අනුව ලකුණු 20ක ජයක් (Duckworth-Lewis න්‍යාය අනුව  පන්දුවාර 27ක් අවසන් වන විට ඔවුන් ලබා ගැනීමට අවශ්‍ය වී තිබුණේ ලකුණු 110ක් පමණයි) හිමි වුනා.

මෙහි දී Mode Engineering වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ පවන්ත වීරසිංහ පන්දු 60ක් තුළ ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුනා.

  • BBK Partnership – 132/10 (29.1) කමිල් මිශාර 40, යශෝධ ලංකා 22, ඩිල්ශාන් ද සොයිසා 2/17
  • Mode Engineering – 130/4 (27) පවන්ත වීරසිංහ 64, රවිඳු රසන්ත 24, යසිරු රොද්‍රිගෝ 2/32

කෙසේ වෙතත් මීට අමතරව ඊයේ දිනයේ ක්‍රියාත්මක වීමට තිබූ අනෙක් තරග ත්‍රිත්වයම වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුනා.

තරගාවලියේ සියලු උණුසුම්  තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<