සංගීත් කුරේ ශතකයකින් දිනය වර්ණවත් කරයි

30 වැනි වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

323

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන 30 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (25) පැවැත්වුනා.

එම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනේ Hayleys PLC, BBK Partnership, CDB සහ Fair First Insurance යන කණ්ඩායම් විසිනුයි.

අවිශ්ක ප්‍රනාන්දුගේ තුන් ඉරියව් (78 සහ 2/44) දස්කම් සහ නුවනිඳු ප්‍රනාන්දු (59) සහ සංතුෂ් ගුණතිලක (50*) ලබා ගත් අර්ධ ශතක නිසා HNB ක්‍රීඩකයින් පරාජය කරමින් කඩුලු තුනක ජයග්‍රහණයක් ලබා ගැනීමට Hayleys PLC ක්‍රීඩකයින් සමත් වුනා.

අගනා ලකුණු 125ක් වාර්තා කරමින් සංගීත් කුරේ දියත් කළ ඉනිම සහ මුර්වින් අභිනාශ් ලකුණු 40ක් තුළ දවා ගත් කඩුලු 7 නිසා Mode Engineering ක්‍රීඩකයින් පරාජය කළ BBK Partnership ක්‍රීඩකයින් ලකුණු 105ක ජයක් ලැබුවා.

ලකුණු 36ක් තුළ කඩුලු 7ක් දවා ගනිමින් නිම්සර අතරගල්ල දැක්වූ දස්කම් නිසා CL Synergy ක්‍රීඩකයින් ලකුණු 93කට සීමා කරමින් ලකුණු 97ක ජයක් ලබා ගැනීමට CDB ක්‍රීඩකයින්ට හැකි වුනා.

John Keells ක්‍රීඩකයින් පරදවා කඩුලු 6ක ජයක් ලබා ගැනීමට Fair First Insurance ක්‍රීඩකයින්ට හැකි වූ අතර කැපී පෙනෙන දස්කම් දැක්වූ තනුක දාබරේ පිතිකරණයෙන් ලකුණු 87ක් සහ පන්දු යැවීමේ දී ලකුණු 41කට කඩුලු හතරක් දවා ගත්තා.

Hatton National Bank සහ Hayleys PLC

  • Hatton National Bank: 241 (49.1): ලසිත් අබේරත්න 96, අසිත වන්නිනායක 29, ප්‍රවීන් ජයවික්‍රම 3/40.
  • Hayleys PLC: 244/7 (39.1): අවිශ්ක ප්‍රනාන්දු 78, නුවනිඳු ප්‍රනාන්දු 59, සංතුෂ් ගුණතිලක 50*, සඳුන් වීරක්කොඩි 3/57.

Hayleys ක්‍රීඩකයින්ට කඩුලු 3ක ජයක්.

BBK Partnership සහ Mode Engineering

  • BBK Partnership – 248 (49.4): සංගීත් කුරේ 125, සොහාන් ද ලිවේරා 31, අශාන් ප්‍රනාන්දු 2/28.
  • Mode Engineering – 143 (27.1): නිරෝෂන් දික්වැල්ල 46, ශශික දුල්ෂාන් 29, මුර්වින් අභිනාෂ් 7/40.

BBK Partnership ක්‍රීඩකයින්ට ලකුණු 105ක ජයක්.

Citizen Development Business සහ CL Synergy ltd

  • Citizen Development Business – 190 (47.5): මුදිත ලක්ෂාන් 69, චානක රුවන්සිරි 32, අශාන් ප්‍රියන්ජන් 3/39, දිලුම් සුදීර 2/20.
  • CL Synergy ltd – 93 (19.4): නිම්සර අතරගල්ල 7/36.

CDB කණ්ඩායමට ලකුණු 97.

John Keells සහ Fair First Insurance

  • John Keells – 174 (38.4): ධනංජය ලක්ෂාන් 43, දුනිත් වෙල්ලාලගේ 42, තනුක දාබරේ 4/41.
  • Fair First Insurance – 175/4 (21.1): තනුක දාබරේ 87, මිනෝද් බානුක 32, ඒෂාන් මාලිංග 2/22.

Fair First Insurance ක්‍රීඩකයින්ට කඩුලු 6ක ජයක්.

2023 වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<