පිලිපීනයේ ඉලගාන් හි පැවති පිලිපීන ජාතික විවෘත ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ක්‍රීඩකයින් හතර දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට මීටර 400 ධාවකයින් දෙදෙනෙක්, මීටර 1500 ධාවකයෙක් හා දුර පනින ක්‍රීඩකයෙක් ඇතුළත් විය.
වසර ආරම්භයේ පැවති පළමු ජාතික තේරීම් තරගවල දී කාලිංග කුමාර ශ්‍රී ලංකාව තුල සිටින ප්‍රමුඛතම මීටර 400 ධාවකයා වන දිලීප් රුවන් පසුකර යෑමට සමත්වුවත් නැවත වතාවක් සිය සුපුරුදු රිද්මයට පිවිසුණු දිලිප් පිලිපීන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
තත්පර 46.87කින් එම ඉසව්ව නිමා කිරීමට ඔහුට හැකි වූ අතර එම ඉසව්වම නියෝජනය කරමින් අජිත් ප්‍රේමකුමාර ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. රන් පදක්කම දිනා ගැනීමට හැකි වුවත් දිලිප්ට ඔහුගේ හොඳම පෞද්ගලික කාලය (46.42) පසුකර යාමට හැකියාවක් ලැබුණේ නැත.


ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තරගාවලිය සඳහා පිලිපීනයට ළඟා වූයේ ආරම්භක දිනයට පෙර දින වූ අතර එය ඔවුන්ගේ උපරිම දක්ෂතාවලට පිවිසීමට බාධාවක් විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















