ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) බංග්ලාදේශයේ කොක්ස් බසාර් ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමා විය.
අෆීෆ් – නජ්මුල් සබඳතාවය ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි
ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට්…..
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස තරගයේ දින 4ම අවසන් වෙන තුරු පිතිකරණයේ යෙදීම මෙම තරගයේ දී සුවිශේෂීත්වය විය. වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ යැවුණේ පන්දුවාර 43ක් පමණි.
පළමු දිනය තනිකරම වර්ෂාවට බිලි වූ අතර තරගයේ දෙවැනි දිනයේ ද ක්‍රීඩා කළේ පන්දුවාර 16ක් පමණි. ඒ අනුව ඔවුන් ඒ වෙද්දී ලබා සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 57ක් පමණි. තෙවැනි දිනයේ දී පන්දුවාර 27ක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවද කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට ඔවුන්ට වාසනාව නොවුණි. බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයන්ගේ ලකුණු පුවරුව එම අවස්ථාවේ කියැවුණේ කඩුලු 3කට ලකුණු 208ක් ලෙසිනි.
මේ ආකාරයෙන් ඇරඹි සිව්වැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට බිලිවීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් ද දෙපිලේ නායකයන්ගේ ද එකඟතාවයෙන් තරගය වේලාසනින් ම නතර කළේ එකඳු හෝ පන්දුවක් නොයවමිනි.
බංග්ලාදේශය වෙනුවෙන් අෆීෆ් හුසේන් නොදැවී ලකුණු 100ක් ලබා සිටි අතර නායක නජිමුල් හුසේන් ද නොදැවී ලකුණු 88ක් ලබා සිටිය හ. කඩුලු ලබා ගැනීමේ දී ජෙහාන් ඩැනියෙල් කඩුලු 2ක් ලබා සිටියේය.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Saif Hassan | c Nishan Peiris b Mohamed Shiraz | 4 | 10 | 1 | 0 | 40.00 |
Aminul Islam | b Jehan Daniel | 9 | 31 | 1 | 0 | 29.03 |
Najmul Hossain Shanto | not out | 88 | 173 | 10 | 3 | 50.87 |
Yasir Ali | c Minod Bhanuka b Jehan Daniel | 0 | 4 | 0 | 0 | 0.00 |
Afif Hossain | not out | 100 | 180 | 11 | 2 | 55.56 |
Extras | 7 (b 1 , lb 3 , nb 2, w 1, pen 0) |
Total | 208/3 (66 Overs, RR: 3.15) |
Fall of Wickets | 1-6 (1.6) Saif Hassan, 2-21 (11.2) Aminul Islam, 3-21 (11.6) Yasir Ali, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 14 | 4 | 31 | 0 | 2.21 | |
Mohamed Shiraz | 18 | 4 | 41 | 1 | 2.28 | |
Jehan Daniel | 11 | 6 | 28 | 2 | 2.55 | |
Nishan Peiris | 13 | 1 | 63 | 0 | 4.85 | |
Amila Aponso | 10 | 0 | 41 | 0 | 4.10 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<