මෙරට මහා ක්‍රිකට් තරග අතර දකුණුලක පැවැත්වෙන එක ම බාලිකා මහා ක්‍රිකට් සංග්‍රාමය වන අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය සහ වීරකැටිය ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැත්වෙන මිත්‍රත්වයේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 28 වැනිදා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 30ක් බැගින් වන ඉනිම ද්විත්වයක තරගයක් ලෙසින් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් තරගය උපරිම පන්දුවාර 90කට සීමා කර තිබෙනවා.
පෙර වසරේ දී වීරකැටියේ දී පළමු වරට පැවැති මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය සත්කාරක සිංගප්පූරු බාලිකා විද්‍යාලය සතු වූ අතර ඒ අනුව තමන් සතුකර ගත් මිත්‍රත්වයේ කුසලානය රැගෙන ඔවුන් අම්බලන්ගොඩට පිවිසීමට නියමිතයි.
ප්‍රජාපතී බාලිකා විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ප්‍රජාපති ගෝතමී බාලිකාවෝ එහි 2 වැනි වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායමක්.
කණ්ඩායමේ ගියවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වූ සචිනි සාවින්ද්‍යා, විජිනි ප්‍රභා, තරුෂි ඉමාෂා, කවීෂා ගිම්හානි, උපුලි සමාරා, වගීෂා බවසරණි සහ ආශිනි මදුශානි ද එක් ව සිටින බැවින් ඔවුන් වඩාත් ප්‍රබල ව මෙම තරගයට එක් වීමට පාර සකසාගෙන තිබෙනවා.
ප්‍රජාපතී බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සචිනි සාවින්ද්‍යා (නායිකාව), විජිනි ප්‍රභා (උප නායිකාව), යශ්මි කවීෂා, හිරුෂි සංජනා, තරුෂි ඉමාෂා, කවීෂා ගිම්හානි, බුහුනි තෙනුල්‍යා, යෙහාරා මයුමි, උපුලි සමාරා, වගීෂා බවසරණි, හෙසන්‍යා දුලත්මි, ඕෂධී සංජනා, ආශිනි මදුශානි, අහස්‍යා සිප්සරා, සහනි ප්‍රාර්ථනා
නිලධාරීන්
රුවන්ති ද සිල්වා (විදුහල්පතිනිය), ප්‍රමිලා මෙන්ඩිස් (ක්‍රීඩා ලේකම්), චාන්දනි ජයලත් (ක්‍රීඩා භාර ආචාර්ය), කවිතා ඩිල්කි මෙන්ඩිස් (පුහුණුකාරිනිය)
- 118 වැනි වරටත් ඇවිලෙන “උතුරු සටන”
- ජයවර්ධනපුර සටන විසඳුමක් නෑ
- තර්ස්ටන් විද්‍යාලය 07 වැනි වරටත් සහෝදර සටනේ ජය ලබයි!
- 62 වැනි සංග්‍රාමයට සැරසෙන කොළඹ සහෝදරයෝ
- 14 වැනි හින්දු ගැටුමේ ජය යාපනයට
ශ්‍රී ලංකා – සිංගප්පූරු බාලිකා විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් ඔවුන් සහභාගී වූ තරග ත්‍රිත්වයෙන් එක් තරගයක් ජයග්‍රහණය කරන ඔවුන් අනෙක් තරග ද්විත්වය නිමා කරන්නේ පරාජිත තරගයක් සහ නොවිසඳුණ තරගයක් ලෙසයි.
ශ්‍රී ලංකා – සිංගප්පූරු බාලිකා විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් පෙර වසරේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම මෙවර ද කණ්ඩායමේ අසුන් හිමිකර ගනිමින් එක්වීම විශේෂත්වයක්. ඒ අනුව ගියවර නායිකාව වූ සිතාරා තුල්නදී, නිපුනි නිමේෂා, ස්නේහා කෞමිනි, දමෝද්‍යා තත්සරණි, සිතුමිණි සංකල්පනා සහ වොනිල්කා සවිත්මි මෙවර ද මෙම කණ්ඩායම හා සිටිනවා.
කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් අතර වයස අවුරුදු 19න් පහළ Super Provincial තරගාවලිය නියෝජනය කළ සිතුමිණි සංකල්පනා ද ඇතුලත් ව ඇති අතර ඊට අමතර ව දිස්ත්‍රික් සේ ම පළාත් කණ්ඩායම ද නියෝජනය කරන දමෝද්‍යා තත්සරණි, වොනිල්කා සවිත්මි, නෙතුලි හෙෂාරා සහ අකිනි ඉල්ෂිකා ද මෙම කණ්ඩායමේ ඉදිරි පෙළ අසුන් හිමිකර ගෙන සිටිනවා.
ශ්‍රී ලංකා – සිංගප්පූරු බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දමෝද්‍යා තත්සරණි (නායිකාව), සිතුමිණි සංකල්පනා (උප නායිකාව), වොනිල්කා සවිත්මි, ස්නේහා කෞමිනි, සිතාර තුල්නදී, නිපුනි නිමේෂා, අමාශා උමන්දි, නිම්ෂි නවාංජනා, සිලුනි වොනාරා, අමානෙතු සංදීපනී, චනුෂි විහංගා, සඳලි ඉතාරා, අකිනි ඉල්ෂිකා, ගනෙත්මි, නෙතුලි හෙෂාරා, ඉමාදි නෙතාරා, නිම්මා උශාරා, නිලක්ෂි බොනිජා.
නිලධාරීන්
නිල්මිණි ප්‍රියාදරී (විදුහල්පතිනි), ඩයනා වීරවර්ධන (ක්‍රිකට් භාර ආචාර්ය), සී. කේ. හේවාමාන්න (ප්‍රධාන පුහුණුකරු), රවින්ද්‍ර මහානාම (පුහුණුකරු), සුපුන් එදිරිසිංහ (සහාය පුහුණුකරු).
2 වැනි මිත්‍රත්වයේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයීය කණ්ඩායමට සහ වීරකැටිය ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<