ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) විසින් 29වන වරට සංවිධානය කරනු ලබන මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සුපිරි වටයේ තරග 2ක් සහ සැනසිලි වටයේ තරග 2ක් ඊයේ (19) දිනයේ දී පැවැත්විනි. එහිදී ජපානය, තායිවානය, හොං කොං රාජ්‍යය සහ පිලිපීනය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි
ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) විසින් සංවිධානය කරනු ලබන 29වන ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සුපිරි
ඒ අනුව මෙවර තරගාවලියේ ශූරතාවය සඳහා ජපානය සමඟ සත්කාරක තායිවානය තරග වදිනු ලබන අතර තෙවන ස්ථානය සඳහා චීනය සහ දකුණු කොරියාව අද (20) දිනයේ දී තරග වදිනු ඇත.
හයවන දිනයේ ප්‍රතිඵල – සුපිරි වටය
ජපානය සහ දකුණු කොරියාව
සුපිරි වටයේ තෙවන තරගය ලෙස ජපානය සහ දකුණු කොරියාව අතර පැවති තරගයේදී නියමිත ඉනිම් 9 අවසානයේ ලකුණු 11 – 3ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ප්‍රබල ජපාන කණ්ඩායම යි. එම ජයග්‍රහණයත් සමඟ බේස්බෝල් ලෝක ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයේ පසුවන ජපාන කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ තරගාවලිය තුළ අපරාජිතව සිටින එකම කණ්ඩායම වෙමිනි.
(ජපානය 11 – 3 දකුණු කොරියාව)
තායිවානය සහ චීනය
තායිවානය සහ චීනය මෙවර තරගාවලියේ සුපිරි වටයේ සිව්වන තරගය ලෙස තරග වැදුනු අතර එහිදී නියමිත ඉනිම් 9 අවසානයේ ලකුණු 10 – 2ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක තායිවානය සමත් විය. ඒ අනුව සත්කාරක තායිවානයට ප්‍රබල ජපාන කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ වරම් හිමිවිය.
(තායිවානය 10 – 2 චීනය)
ප්‍රබල ජපානය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි
ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 29 වැනි ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ
සැනසිලි වටය
හොං කොං රාජ්‍යය සහ පාකිස්තානය
මෙම තරගයේ ඉනිම් 7ක් අවසානයේ දී ලකුණු 17 – 7ක් ලෙස ඉදිරියෙන් සිටි හොං කොං රාජ්‍යයට ජයග්‍රහණය හිමිවූයේ “කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ලකුණු 10ක් වීම” හේතුවෙනි.
(හොං කොං 17 – 7 පාකිස්තානය)
පිලිපීනය සහ ශ්‍රී ලංකාව
මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියට 2018 වසරේ නැගෙනහිර ආසියානු බේස්බෝල් ශූරයින් ලෙස සුදුසුකම් ලැබූ පිලිපීනය සහ 2019 වසරේ බටහිර ආසියානු බේස්බෝල් ශූරයින් ලෙස සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව අතර තරගයේ දී නියමිත ඉනිම් 9 අවසානයේ ලකුණු 7 – 1ක් ලෙස ඉදිරියෙන් සිටි පිලිපීන කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.
පළමුව පිතිකරණයේ නියැලීම හිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමේ දී ලකුණු රැස්කර ගැනීමට අපොහොසත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පිලිපීනය ලකුණු 3ක් රැස් කිරීමට සමත් වෙමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.
(පිලිපීනය 3 – 0 ශ්‍රී ලංකාව)
තම දෙවන ඉනිමේ දී එක් ලකුණක් රැස් කිරීමට සමත් වෙමින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු ඉනිම ක්රිදකල පිලිපීන කණ්ඩායමේ නියමිත කඩුලු 3 ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින් දවා ගැනීමට හැකිවිය.
(පිලිපීනය 3 – 1 ශ්‍රී ලංකාව)
තරගයේ තෙවන, සිව්වන, පස්වන සහ හයවන ඉනිම් වලදී කණ්ඩායම් දෙකම ලකුණු රැස්කර ගැනීමට අපොහොසත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හත්වන ඉනිමේ දීද අසාර්ථක විය. එම ඉනිමේ පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පිලිපීන කණ්ඩායම නැවත වරක් ලකුණු 3ක් රැස්කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනි.
(පිලිපීනය 6 – 1 ශ්‍රී ලංකාව)
අටවන ඉනිමේ පළමුව පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමිත කඩුලු 3 ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින් දවාගත් පිලිපීනය පිළිතුරු ඉනිමේ දී එක් ලකුණක් රැස් කරමින් තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.
(පිලිපීනය 7 – 1 ශ්‍රී ලංකාව)
තවදුරටත් තරගයේ ක්‍රීඩා කිරීමට හෝ තරගය ජයග්‍රහණය කිරීමට නම් නවවන ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6ක් හෝ ඊට වැඩියෙන් රැස්කර ගත යුතුව තිබිනි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කර දමමින් පිලිපීන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 දවා ගැනීමට සමත් වූයේ එකදු ලකුණක් හෝ රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදෙමිනි.
(පිලිපීනය 7 – 1 ශ්‍රී ලංකාව)
සත්කාරකයින් හමුවේ ශ්‍රී ලංකා සිහින බොඳ වේ
29 වැනි ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ සාර්ථක තෙවැනි දිනය අද (16) නිමාවට පත්විය. අද දිනයේ පැවති තරගවල
මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය සහ තෙවන ස්ථානය සඳහා වන තරගය අද (20) දිනයේ දී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලුම පුවත් සහ තවත් ක්‍රීඩා පුවත් දැනගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<