28 වැනි වරටත් පැවැති ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේ දී නැවත වතාවක් හිස් අතින් මෙරට පිවිසීමට ශ්‍රී ලංකා මේසපන්දු යොවුන් කණ්ඩායමට සිදු වූවා.
මෙවර චීනයේ පැවැති මෙම තරගාවලිය නියෝජනය කරමින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 16 දෙනෙක් සහභාගී වූ අතර සුපුරුදු ලෙසින් ම මෙවර ශූරතාවලියේ දී ද චීනය වැඩි දක්ෂතා දැක්විමට සමත් වීම කැපී පෙණුනා.
ශ්‍රී ලංකාව අවසන් වරට මෙම ශූරතාවලියේ දී පදක්කමක් දිනා ඇත්තේ 2004 වසරේ දී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ දී වන අතර ඒ අනුව වසර 20ක් පුරා මෙම ශූරතාවලියේ දී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී නැහැ.
වයස අවුරුදු 15න් පහළ කාන්තා (කණ්ඩායම් තරග)
මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකාව 4 වැනි කාණ්ඩය යටතේ තරගාවලියට ඉදිරිපත් වෙන අතර එහි දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වන්නේ චයිනීස් තායිපේ, හොංකොං සහ මොංගෝලියාවයි.
එම තරග අතුරින් චයිනිස් තායිපේ වෙතින් තරග 3-0ක පරාජයක්, හොංකොං වෙතින් තරග 3-0ක පරාජයකට මුහුණ දෙන ඔවුන් මොංගෝලියාව සමඟ තරගයේ දී තරග වට 3-2ක ජයග්‍රහණයක් ඔවුන් ලබා ගැනීමට සමත් වෙනවා.
ඒ සමඟින් ඔවුන්ට එම කාණ්ඩයේ 3 වැනි ස්ථානය හිමි වෙන අතර 1 වැනි සහ 2 වැනි ස්ථාන පිළිවෙළින් චයිනීස් තායිපේ සහ හොංකොං කණ්ඩායම් හිමිකර ගන්නවා.
- රන් පදක්කම – චීනය
- රිදී පදක්කම – හොංකොං
- ලෝකඩ පදක්කම් – ජපානය සහ චීන තායිපේ
වයස අවුරුදු 15න් පහළ පිරිමි (කණ්ඩායම් තරග)
මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ තෙවැනි ස්ථානයයි. ඔවුන් සමඟ 2 වැනි කාණ්ඩයෙන් කොරියාව සහ හොංකොං කණ්ඩායම් සහභාගී වෙන අතර එහි දී 1 වැනි ස්ථානය කොරියාව ද සහ 2 වැනි ස්ථානය හොංකොං කණ්ඩායම් ද දිනා ගන්නවා.
ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවල දී කොරියාව සමගින් 3-0ක පරාජයක් ද සහ හොංකොං සමඟින් 3-0ක පරාජයකට ද මුහුණ දෙනවා.
- රන් පදක්කම – ජපානය
- රිදී පදක්කම – ඉරානය
- ලෝකඩ පදක්කම් – චීනය සහ කොරියාව
වයස අවුරුදු 19න් පහළ කාන්තා (කණ්ඩායම් තරග)
මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකාව 2 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා. 1 වැනි කාණ්ඩය යටතේ තරගාවලියට එක් වූ ඔවුන් සමඟින් කොරියාව සහ බහරේන් රටවල් එක් වෙන අතර එහි දී කොරියාව සමඟින් වූ තරගයේ දී 3-0ක පරාජයක් ලැබූව ද බහරේන් සමඟින් පැවැති තරගයේ දී 3-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා.
ඒ අනුව 16 වැනි දෙනාට වටයට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වෙන අතර එහි දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වෙන්නේ ඉරානයයි. එම තරගයේ දී තරග වට 3-0ක පරාජයකට මුහුණ දෙමින් තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වෙනවා.
- රන් පදක්කම – චීනය
- රිදී පදක්කම – ජපානය
- ලෝකඩ පදක්කම් – කොරියාව සහ චීන තායිපේ
වයස අවුරුදු 19න් පහළ පිරිමි (කණ්ඩායම් තරග)
මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව එක් වෙන්නේ 1 වැනි කාණ්ඩය යටතේ යි. එහි අනෙකුත් කණ්ඩායම් ලෙසින් ජපානය සහ කටාර් රටවල් එක් වෙනවා.
ජපානය සමගින් පැවැති තරගයේ දී තරග වට 3-0ක සහ කටාර් සමග තරගයේ දී තරග වට 3-1ක පරාජයකට මුහුණ දීමට මෙරට ක්‍රීඩකයන්ට සිදු වෙනවා. ඒ අනුම එම කාණ්ඩයේ පළමු ස්ථානය ජපානයට ද සහ 2 වැනි ස්ථානය කටාරයට ද හිමි වෙනවා.
- රන් පදක්කම – චීනය
- රිදී පදක්කම – කොරියාව
- ලෝකඩ පදක්කම් – ජපානය සහ ඉන්දියාව
වයස අවුරුදු 19න් පහළ පිරිමි (ඒකල)
මතීෂ ප්‍රේමචන්ද්‍ර (ආනන්ද විද්‍යාලය, කොළඹ)
මෙම ඉසව්වේ දී මතීෂ ප්‍රේමචන්ද්‍ර සෞදි අරාබියේ Salem Alsuwailem වෙතින් 11-5ක්, 11-9ක් සහ 11-6ක් ලෙසින් ද සහ චීන තායිපේ කණ්ඩායමේ Kuo Guan-Hong වෙතින් 11-3ක්, 11-2ක් සහ 11-3ක් ලෙසින් පරාජයට පත් වෙනවා.
ශෆියුල්ලා අක්රම් (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)
මෙම ඉසව්වේ දී ශෆියුල්ලා අක්රම් චීන තායිපේ කණ්ඩායමේ Hus Hsien-Chia වෙතින් 11-2ක්, 5-11ක්, 11-7ක් සහ 11-5ක් ලෙසින් ද සහ සිංගප්පූරුවේ Tan Nicholas වෙතින් තියුණු තරගයකින් අනතුරු ව 10-12ක්, 8-11ක්, 11-9ක්, 11-6ක් සහ 11-5ක් ද ලෙසින් පරාජයට පත් වෙනවා.
ඩිරන් හාමර් (රාජකීය විද්‍යාලය – කොළඹ)
ඩිරන් හාමර් කසකස්තානයේ Mamay Abdulla වෙතින් 11-7ක්, 11-7ක් සහ 11-9ක් ලෙසින් ද සහ හොංකොං ක්‍රීඩක Wong Wan Hei වෙතින් 11-9ක්, 11-8ක් සහ 11-7ක් ලෙසින් පරාජයට පත් වෙනවා.
ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය – කොළඹ)
මෙම ඉසව්වේ දී ජනිත් බටුගෙදර ඉරානයේ Shams Navid වෙතින් 11-4ක්, 11-2ක් සහ 11-3ක් ලෙසින් ද සහ ජපානයේ Ono Daito වෙතින් 11-5ක්, 11-8ක්, 10-12ක් සහ 12-10ක් පරාජයට පත් වෙනවා.
- රන් පදක්කම – Wen Ruibo (චීනය)
- රිදී පදක්කම – Sakai Yuhi (ජපානය)
- ලෝකඩ පදක්කම් – Ono Daiyo (ජපානය) සහ Yoshiyama Kazuki (ජපානය)
වයස අවුරුදු 19න් පහළ පිරිමි (යුගල)
මෙම තරග ඉසව්ව සඳහා ඩිරන් හාමර් සහ මතීෂ ප්‍රේමචන්ද්‍ර එක් අන්තයකිනුත් සහ ශෆියුල්ලා අක්රම් සහ ජනිත් බටුගෙදර අනෙක් අන්තයෙනුත් තරග බිමට පිවිසියා. මෙම කණ්ඩායම් ද්විත්වය ම පළමු වටයේ දී නිතරඟ ජයග්‍රහණයක් සහිතව 32 දෙදෙනාගේ වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.
එහි දී ඩිරන් හාමර් සහ මතීෂ ප්‍රේමචන්ද්‍ර මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් චීනයේ Sun Yang සහ Huang Xunan වෙතින් තරග වට 3-1කින් පරාජයට පත් වෙනවා.
ශෆියුල්ලා අක්රම් සහ ජනිත් බටුගෙදර උස්බෙකිස්තානය වෙතින් 3-1ක පරාජයක් ලබමින් ඔවුන්ගේ ගමන නිමා කර ගන්නවා.
රන් පදක්කම – චීනය
රිදී පදක්කම – චීනය
ලෝකඩ පදක්කම් – චීන තායිපේ (2)
- අරුණ ඔලිම්පික් වරම් ලබයි!
- තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි
- ආසියානු ජය සොයා චීනයට
- ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඔලිම්පික් බලාපොරොත්තු
- චමිර සහ ශමල්ෂා ශූරතා දිනා ගනී
වයස අවුරුදු 19න් පහළ කාන්තා (ඒකල)
ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විදයාලය – අම්බලන්ගොඩ)
මෙම ඉසව්වේ දී ටමාදි කවින්ද්‍යා කොරියාවේ Park Gahyeon වෙතින් 11-2ක්, 11-4ක් සහ 11-5ක් ලෙසින් ද සහ මැලේසියාවේ Lim Jing Shuen වෙතින් 11-9ක්, 10-12ක්, 11-8ක් සහ 11-3ක් ලෙසින් පරාජයට පත් වුනා.
ලෙසන්යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
ලෙසන්යා සෙතුම්දි සිංගප්පූරුවේ Seow Joeunn වෙතින් 11-8ක්, 11-6ක් සහ 11-4ක් ලෙසින් ද සහ හොංකොං හී Wong Hoi Tung වෙතින් 11-4ක්, 11-7ක් සහ 11-7ක් ලෙසින් ද පරාජයට පත් වූවා.
දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත චීනයේ Yan Yutong වෙතින් 11-2ක්, 11-8ක් සහ 11-3ක් ලෙසින් ද සහ ඉන්දියාවේ Saini Suhana වෙතින් 11-9ක්, 11-8ක් සහ 11-6ක් ලෙසින් ද පරාජයට පත් වුනා.
බිමන්දි බණ්ඩාර (හිල්වඩුඩ් විද්‍යාලය, මහනුවර)
16 වැනි කාණ්ඩයෙන් තරග බිමට එක් වූ බිමින්දි බණ්ඩාරට එහි දී තම ප්‍රථම ප්‍රතිවාදියා ලෙසින් හමුවෙන්නේ මෙම ඉසව්වේ රන් පදක්කම්ලාභිනිය වූ චීනයේ Zong Geman. ඇය හා බිමින්දි බණ්ඩාර අතර පැවැති තරගයේ දී 11-1ක්, 11-3ක්, 7-11ක් සහ 11-7ක් ලෙසින් තරගවට 3-1ක පරාජයකට මුහුණ දීමට බිමන්දිට සිදු වූවා.
ඇය සහභාගී වූ අනෙක් තරගයේ දී ජපානයේ Takamori Mao වෙතින් 11-7ක්, 11-7ක් සහ 11-6ක් ලෙසින් ද පරාජයට පත් වීමට සිදු වූවා.
- රන් පදක්කම – Zong Geman (චීනය)
- රිදී පදක්කම – Wang Xiaonan (චීනය)
- ලෝකඩ පදක්කම් – Qin Yuxuan (චීනය) Cheng Pusyuan (චීන තායිපේ)
වයස අවුරුදු 19න් පහළ කාන්තා (යුගල)
මෙම ඉසව්වේ දී දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත සහ ලෙසන්යා සෙතුම්දි එක් අන්තයකිනුත් සහ ටමාදි කවින්ද්‍යා සහ බිමන්දි බණ්ඩාර එක් අන්තයකිනුත් තරග බිමට පිවිසියා.
මෙහි දී තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ම චීනයේ රන් පදක්කම්ලාභී Zhang Xiangyu සහ Zong Geman වෙතින් පළමු තරගයේ දී ම තරග වට 3-0කින් පරාජය වීමට ටමාදි කවින්ද්‍යා සහ බිමන්දි බණ්ඩාර ට සිදු වූවා.
එසේ නමුත් ධරණි චන්ද්‍රගුප්ත සහ ලෙසන්යා සෙතුම්දි තමන් මුහුණ දුන් පළමු තරගයේ දී සිංගප්පූරුවේ Lai Chloe සහ Seow Joeunn තරග වට 3-2කින් පරාජය කරමින් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත් වූවා.
එම වටයේ දී පළමු වටයේ දී නිතරඟ ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම වටයට පිවිසෙමින් මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමකට හිමිකම් කී චීන තායිපේ රාජ්‍යයේ Chen Chi-Shiuan සහ Cheng Pusyuan වෙතින් 3-1ක පරාජයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූවා.
- රන් පදක්කම – චීනය
- රිදී පදක්කම – චීනය
- ලෝකඩ පදක්කම් – චීන තායිපේ සහ සිංගප්පූරුව
වයස අවුරුදු 15න් පහළ පිරිමි (ඒකල)
නවිරු නෙත්සිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
මෙම ඉසව්වේ දී නවිරු නෙත්සිත තම පළමු තරගයේ දී ම කටාර් රාජ්‍යයේ Abdulla Yousif සමග තියුණු තරගයකට එක් වෙනවා. පළමු වට ද්විත්වයේ දී 11-9ක් සහ 11-9ක් ලෙසින් පරාජය පත් වෙන නවිරු නෙත්සිත ඊට පසුව පැවැති වටවල දී 13-11ක් සහ 11-5ක් ලෙසින් ජයග්‍රහණය කරමින් 5 වැනි වටයට පිවිසෙනවා. එම වටයේ දී ද තියුණු අවසානයක් දක්වා තරගය රැගෙන ආ නවිරු නෙත්සිත අවසන් අවස්ථාවේ දී 13-11කින් තරගය පරාජයට පත් වෙනවා.
අනතුරු ව තරගයේ දී ඉරානයේ Faraji Benyamin වෙතින් 11-3ක්, 11-9ක් සහ 11-8ක් ලෙසින් පරාජයට වීමට පත් වීමට ඔහුට සිදු වෙනවා.
අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
අකේන් බෝජිත් තායිලන්තයේ Soiphuang Nimit වෙතින් 11-6ක්, 11-4ක් සහ 11-6ක් ලෙසින් ද සහ කොරියාවේ Lee Seungsoo වෙතින් 11-6ක්, 11-5ක් සහ 11-4ක් ලෙසින් පරාජය වීමට සිදු වෙනවා.
සෙනුල් රත්නායක (ධර්මරාජ විද්‍යාලය, මහනුවර)
සෙනුල් රත්නායක මැලේසියාවේ Lai Yong Ren වෙතින් 11-7ක්, 9-11ක්, 11-8ක් සහ 11-7ක් ලෙසින් ද සහ චීන තායිපේ හී Lin Chin-Ting වෙතින් 11-3ක්, 7-11ක්, 11-6ක් සහ 11-7ක් ලෙසින් පරාජයට පත් වුනා.
අගස්ත්‍ය ආනන්දිත (Bond ජාත්‍යන්තර පාසල)
අගස්ත්‍ය ආනන්දිත කසකස්තානයේ Hanifa Yousuf වෙතින් 11-5ක්, 12-10ක්, 9-11ක් සහ 11-4ක් ලෙසින් ද සහ හොංකොං හී Lau Eden වෙතින් 11-5ක්, 11-8ක් සහ 11-7ක් ලෙසින් පරාජය වෙනවා.
වයස අවුරුදු 15න් පහළ ඒකල (කාන්තා)
යෝශිනි ජයවර්ධන (මහාමයා විද්‍යාලය, මහනුවර)
මෙම ඉසව්වේ දී යෝශිනි ජයවර්ධන කසකස්තානයේ Amangeldi Akniyet ට එරෙහි ව 11-6ක්, 11-9ක්, 7-11ක් සහ 12-10ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
අනතුරු ව පැවැති තරගයේ දී ඇයට හමුවෙන්නේ මෙවර තරගාවලියේ මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් පරාජයට පත් චීනයේ Yang Huize. ඇය සමඟ පැවැති තරගයේ දී තරග වට 11-4ක්, 11-2ක් සහ 11-4ක් ලෙසින් පරාජයට පත් වීමට යෝශිනි ජයවර්ධනට සිදු වෙන අතර එහි දී එම කාණ්ඩයේ 2 වැනි ස්ථානයට පත් වීමට ඇය සමත් වෙනවා.
මිකේලා ප්‍රනාන්දු (Elizabeth Moir ජාත්‍යන්තර පාසල)
මිකේලා ප්‍රනාන්දු ඉරානයේ Yavari Vania වෙතින් 11-7ක්, 11-9ක් සහ 11-9ක් ලෙසින් ද සහ ඉන්දියාවේ Mathan Hansini වෙතින් 11-8ක්, 11-2ක් සහ 11-6ක් ලෙසින් ද පරාජයට පත් වෙනවා.
සමින්දි වීරසූරිය (යහපත් එඬේරාගේ කන්‍යාරාමය, මහනුවර)
සමින්දි වීරසූරිය ජපානයේ Shintani Rio වෙතින් 11-5ක්, 11-3ක් සහ 11-4ක් ලෙසින් ද සහ හොංකොං හී Mak Ming Shum වෙතින් 11-7ක්, 12-10ක් සහ 13-11ක් ලෙසින් ද පරාජයට පත් වෙනවා.
මුතුලි සහන්යා (සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල)
මුතුලි සහන්යා ඉරානයේ Arjmand Baran වෙතින් 11-7ක්, 11-6ක් සහ 12-10ක් ලෙසින් ද සහ උස්බෙකිස්තානයේ Khasanova Adelina වෙතින් 11-4ක්, 11-6ක් සහ 11-9ක් ලෙසින් ද පරාජයට පත් වෙනවා.
- රන් පදක්කම – Hu Yi (චීනය)
- රිදී පදක්කම – Yang Huize (චීනය)
- ලෝකඩ පදක්කම් – Loy Ming Ying (සිංගප්පූරුව) සහ Zhu Qihui (චීනය)
වයස අවුරුදු 19න් පහළ මිශ්‍ර යුගල
මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනිත් බටුගෙදර සහ ටමාදි කවින්ද්‍යා එක් අන්තයකිනුත් සහ සෆියුල්ලා අක්රම් සහ බිමන්දි බණ්ඩාර එක් අන්තයකිනුත් ඉදිරිපත් වුනා.
එහි දී ජනිත් බටුගෙදර සහ ටමාදි කවින්ද්‍යා චීන කණ්ඩායම වෙතින් 3-0කින් ද සහ සෆියුල්ලා අක්රම් සහ බිමන්දි බණ්ඩාර සිංගප්පූරු කණ්ඩායම වෙතින් 3-1කින් ද පරාජයට පත් වුනා.
- රන් පදක්කම – චීනය
- රිදී පදක්කම – චීනය
- ලෝකඩ පදක්කම් – ජපානය සහ හොංකොං
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<