වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කළ සිංගර් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හේලීස් සමාගම අද (26) සමත් විය. කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී MAS හෝල්ඩිංග්ස් සහ හේලීස් අතර පැවති අවසන් තරගයේ දී හේලීස් ක්‍රීඩකයෝ කඩුලු 6ක පහසු ජයක් වාර්තා කළහ.
අවිශ්කගේ නොදැවුණ ඉනිමෙන් හේලීස් අවසන් තරගයට
වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළඳසේවා……..
කාසියේ වාසිය දිනූ හේලීස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 145ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් හේලීස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 146ක් ලබා ගත්හ.
MAS කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා ය. ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 19ක් වෙද්දී කුසල් ජනිත්ට පිටිය හැර යන්නට සිදු විය. ඒ වෙද්දී ඔහුට ලබා ගත හැකිව තිබුණේ එක් ලකුණක් පමණි. ඒ සමඟම ධනුෂ්ක ගුණතිලක (18), ටී. එම්. සම්පත් (11) සහ මහේල උඩවත්ත (9) අඩු ලකුණුවලට සීමා කිරීමට හේලීස් පන්දු යවන්නෝ සමත් වූහ.
Photos: Hayleys PLC Vs. MAS Unichela | 27th Singer-Mercantile T20 Final
කමිඳු මෙන්ඩිස් සහ චාමර සිල්වා (11) එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 28ක සබඳතාවක් එක් කරමින් එතෙක් හුදකලා වී තිබූ ලකුණු පුවරුව යම් තරමකින් සක්‍රීය කළහ. අනතුරුව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට කමිඳු මෙන්ඩිස්ට සහ වනිඳු හසරංගට හැකි විය. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 553ක සබඳතාවක් එක් කළහ.
කමිඳු මෙන්ඩිස් පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ වනිඳු හසරංග පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේය.
අනෙක් පිතිකරුවන් වූ අනුක් ප්‍රනාන්දු (11), ලහිරු ජයරත්න (1), ධම්මික ප්‍රසාද් (නොදැවී 1) සහ නුවන් තුෂාර (0) පන්දු 15ක් තුළ අඩු ලකුණුවලට සීමා කරමින් MAS හෝල්ඩිංග්ස් ඉනිම අවසන් කිරීමට හේලීස් පන්දු යවන්නෝ සමත් වූහ.
ටී. එම්.ගේ දක්ෂතා MAS අවසන් තරගයට ගෙන යයි
වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළඳසේවා……
එහි දී ආරම්භක පන්දු යැවූ ලහිරු සමරකෝන් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව සංතුශ් ගුණතිලක කඩුලු 2ක් ද චතුරංග ද සිල්වා, ප්‍රභාත් ජයසූරිය සහ සචිත්ර සේරසිංහ කඩුල්ල බැගින් ද දවා ගත්හ.
හඹා යන ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සහ ලහිරු සමරකෝන් ය. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 15ක් පිටියේ රැඳී සිටිමින් පළමු කඩුල්ලට ලකුණු 21ක් රැස් කළහ. පෙර තරගයේ දී දැවැන්ත ඉනිමක් වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු අද තරගයේ දී රැස් කළේ ලකුණු 11ක් පමණි.
ලහිරු සමරකෝන් ද පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් 21ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට MAS පන්දු යවන්නෝ සමත් වූහ. ආරම්භක කඩුලු ද්විත්වය දැවී යෑමත් සමඟින් තරගයේ ජයග්‍රහණය දෙපිළටම දෝලනය වන අයුරක් පෙන්නුම් කළ ද, තෙවැනි කඩුල්ලේ දී MAS පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට රොන් චන්ද්‍රගුප්ත සහ සචිත්ර සේරසිංහ සමත් වූහ.
ඔවුන් දෙදෙනා පන්දු 61ක දී ලකුණු 71ක් රැස් කරමින් තරගයේ වැඩි වාසි තම කණ්ඩායම වෙතට නතු කර ගත්හ. සචිත්ර සේරසිංහ පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
අනතුරුව කිත්රුවන් විතානගේ ද ලකුණු 6කට දවා ගැනීමට MAS ක්‍රීඩකයෝ සමත් වූහ. එතැන් සිට තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 11ක් පමණක් වූ අතර ඒ වෙනුවෙන් පන්දු 19ක්ම ඉතිරිව තිබුණි. එයින් තවත් පන්දු 6ක් පමණක් උපයෝගී කර ගනිමින් තරගය ජයග්‍රාහීව අවසන් කිරීමට රොන් චන්ද්‍රගුප්තට සහ චතුරංග ද සිල්වාට හැකි වූයේ තවත් පන්දු 13ක් ඉතිරි කර දෙමිනි.
කෝඩුකාර ජපානයට ශ්‍රී ලංකා පිළෙන් සැර පහරක්!
2020 වර්ෂය සඳහා පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග වලින් සැනසිලිදායක ජයක්……
රොන් චන්ද්‍රගුප්ත පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තේය. අනෙක් අන්තයේ සිටි චතුරංග ද සිල්වා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 5කි.
කඩුලු ලබා ගැනීමේ දී අනුක් ප්‍රනාන්දු ලකුණු 19කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව කමිඳු මෙන්ඩිස් සහ ලහිරු ජයරත්න කඩුල්ල බැගින් දවා ගත්හ.
අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ලහිරු සමරකෝන් නම් කෙරුණ අතර අවිශ්ක ප්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගත්තේය.
MAS හෝල්ඩිංග්ස්; සියලුම දෙනා දැවී 145 (19.1) ධනුෂ්ක ගුණතිලක 18, කමිඳු මෙන්ඩිස් 35, වනිඳු හසරංග 42, ලහිරු සමරකෝන් 4/19, සංතුශ් ගුණතිලක 2/35,
හේලීස්; කඩුලු 4ක් දැවී 146 (17.5) ලහිරු සමරකෝන් 21, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 55, සචිත්ර සේරසිංහ 33, අනුක් ප්‍රනාන්දු 2/19
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<