Home Sinhala රුහුණු නිල් සටන වැස්සට සේදෙයි

රුහුණු නිල් සටන වැස්සට සේදෙයි

26th Battle of the Blues Ruhuna

22
26th Battle of the Blues Ruhuna

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 26 වැනි වරටත් පැවැති වාර්ෂික සීමිත පන්දුවාර එක්දින තරගය අද (11) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී විසඳුමකින් තොරව අවසන් වුනා.

ශාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

පෙසඳු සංජන් (නායක), අබ්දුල් මාජිඩ් (කඩුලු රකින්නා), ලෝශිත දික්සිත්, ඔචින්ත චාමික, සෙනුර ගිහාන්, මනුග ගුරුගේ, කුමේෂ් නුවන්ජන, තත්සර දෙව්මිත්, විහඟ සංකලන, පුනාල් පමුදිත සහ යොමිරු සස්වින්.

ශාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

විශ්ව සුපුන් (නායක), චමරිඳු නෙත්සර (කඩුලු රකින්නා), රවීන් කවින්ත, හේශාන් මදුශංක, ප්‍රවීන් මදුශංක, චලන ඉඳූශ, සමිරු ගිම්හාන්, චමෝද් මිහිරංග, සංජු ඩිල්ශාන්, ශලිඳු නදුශාන් සහ නෙත්මල බණ්ඩාර.

දේවපතිරාජයට කඩුලු 7ක ජයක්

ගුරුකුල විද්‍යාලය නැවත කැලණි සටන දිනයි

රුහුණු නිල් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

සනත් – සේරම් නමට වෙන් වූ රුහුණු නිල් සටන

දෙවැනි කොටසේ Tier B ශූරතාව ගාල්ලේ විද්‍යාලෝකයට

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සාන්ත සර්වේශස් විද්‍යාලය සතු කළ නමුත් තරගය ආරම්භ වී පන්දු 58ක් පමණක් යැවුණ තැන ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වූවා.

ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සාන්ත සර්වේශස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.

එම ඉනිම ආරම්භ කළ නෙත්මල් බණ්ඩාර පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත් අතර හේශාන් මදුශංක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත සර්වේශස් විද්‍යාලය – කිසිවෙක් නොදැවී 46 (9.4)හේශාන් මදුශංක නොදැවී 19, නෙත්මල් බණ්ඩාර නොදැවී 21

තරගයේ විසඳුමක් නෑ.

Result


St. Thomas’ College Matara

St. Servatius’ College
46/0 (9.4)


Batsmen R B 4s 6s SR
Heshan Madushanka not out 19 24 2 0 79.17
Nethmal Bandara not out 21 34 4 0 61.76


Extras 6 (b 1 , lb 0 , nb 0, w 5, pen 0)
Total 46/0 (9.4 Overs, RR: 4.76)
Bowling O M R W Econ
Loshitha Diksith 3 0 26 0 8.67
Kumesh Nuwanjana 4.4 0 11 0 2.50
Punal Pamuditha 2 0 8 0 4.00



පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<