ජයවර්ධනපුර සටන විසඳුමක් නෑ

25th Battle of Sri Jayewardenepura

59
25th Battle of Sri Jayewardenepura

නුගේගොඩ සාන්ත ජොන්ස් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලය අතර 25 වැනි වරටත් පැවැති ජයවර්ධනපුර සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී විසඳුමකින් තොරව අවසන් වූනා.  

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

අබුතාහිර් අතීෆ් (නායක), නිතීශ් කමලසූරිය, නදිල් පෙරේරා, සදෙව් ඉන්දීප, චෙනුක මිත්සර, පෝෂිත මදනායක, නිම්සර පෙරේරා, යොහාන් ලක්ෂිත, චතුර සිල්වා, රෙශාන් කෙත්මිර (කඩුලු රකින්නා), බනුජ චමත්කාර. 

නුගේගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

අනුසර ප්‍රනාන්දු (නායක), කළණ ප්‍රබුදිත, වෝචන ලක්ශාන්, පියුමාල් දෙව්රංග, තිමල්ක සුපසන්, ලහිරු සම්පත්, ට්‍රිශාන් දමිඳු, ඉමෙත් සන්සිලු, සඳුන් දෙව්මිණ, මොහොමඩ් මිශල්. 

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 150ක් පමණයි.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පෝෂිත මදනායක. ඔහු පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 70ක් ලබා ගන්නවා. ඊට අමතර ව නදිල් පෙරේරා පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.  

පන්දු යැවීමේ දී පියුමාල් දෙව්රංග ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොදම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අනුසර ප්‍රනාන්දු, කළණ ප්‍රබුදිත සහ ඉමෙත් සන්සිලු කඩුලු 2 බැගින් බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුනේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 216ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් නායක අනුසර ප්‍රනාන්දු පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 106ක් ලබා ගන්නවා.  

ඔහුට අමතර ව ආරම්භක පිතිකරු කළණ ප්‍රබුදිත පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ද සහ පියුමාල් දෙව්රංග පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක ද ලබා ගන්නවා.  

කඩුලු ලබා ගැනීමේ දී නදිල් පෙරේරා සහ සදෙව් ඉන්දීප කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර පෝෂිත මදනායකට ද කඩුල්ලක් හිමි වෙනවා.  

ලකුණු 66ක් පසු පසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩකයෝ එවර කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 144ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිතීශ් කමලසූරිය පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා. 

ඊට අමතර ව සදෙව් ඉන්දීප පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද සහ පෝෂිත මදනායක පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී සඳුන් දෙව්මිණ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව මොහොමඩ් මිශාල් සහ අනුසර ප්‍රනාන්දු කඩුල්ල බැගින් බෙදා ගන්නවා.  

ජයග්‍රහණය සඳහා ලකුණු 79ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ආනන්ද ශාස්ත්‍රාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (80.4) නදිල් පෙරේරා 26, පෝෂිත මදනායක 70, කළණ ප්‍රබුදිත 2/20, පියුමාල් දෙව්රංග 4/38, ඉමෙත් සන්සිලු 2/25, අනුසාර ප්‍රනාන්දු 2/15 

 

සාන්ත ජෝන්ස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 216 (77.4) කළණ ප්‍රබුදිත 44, අනුසර ප්‍රනාන්දු 106, පියුමාල් දෙව්රංග නොදැවී 36, සදෙව් ඉන්දීප 3/72, නදිල් පෙරේරා 3/17 

 

ආනන්ද ශාස්ත්‍රාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 144 (32.4) නිතීශ් කමලසූරිය 50, සදේව් ඉන්දීප 41, පෝෂිත මදනායක නොදැවී 39, සඳුන් දෙව්මිණ 2/28 

 

සාන්ත ජෝන්ස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 21 (5.0)  

 

තරගයේ විසඳුමක් නෑ.  

  • දක්ෂතම පන්දු යවන්නා: පියුමාල් දෙව්රංග (සාන්ත ජෝන් විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු: පෝෂිත මදනායක (ආනන්ද ශ්‍රාස්තාලය)
  • තරගයේ වීරයා: අනුසර ප්‍රනාන්දු (සාන්ත ජෝන් විද්‍යාලය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<