17 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 24 ක්‌

679
Junior National Athletic Championship 2016

ජුනි මස 2 දා සිට 6 දා දක්‌වා වියට්‌නාමයේ පැවැත්වෙන 17 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන සංචිතය මේවන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් නම්කොට තිබේ.

ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකුගෙන් යුත් අදාළ සංචිතය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් හා ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුක්‌ත වේ.

පොදුරාජ්‍ය මණ්‌ඩලීය යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්‌කමක්‌ දිනාදුන් රොෂාන් ධම්මික මේ දිනවල දෝහා කටාර්හි පුහුණු සැසියකට සහභාගී වන බැවින් ඔහුට මෙවර ජාතික ශූරතාවලියට සහභාගී වීමට අවස්‌ථාවක්‌ නොලැබුණි. නමුත් ඔහුගේ දක්‌ෂතාව සැලකිල්ලට ගෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලිය සඳහා ඔහුව නම් කොට තිබේ.

මීට අමතරව අදාළ තරගාවලිsය සඳහා බාලිකා සහය දිවීමේ කණ්‌ඩයම් ඇතුළත් නොවීම විශේෂත්වයක්‌ බවට පත්විය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

බාලක ඒ.වී.ජී.ඒ. රවිශංක (මිටර් 110 කඩුලු), උදිත චන්ද්‍රසේන (මීටර් 400 කඩුලු), එල්.පී.ජී. ධනංජය (දුර පැනීම, තුන්පිම්ම), චමල් කුමාරසිරි (තුන්පිම්ම), ධම්මික රොෂාන් රණතුංග (උස පැනීම), මිතුන් මිහිරංග (මීටර් 800), චාමික වීරවර්ධන (මීටර් 400, 4*400), කේ.එල්. සමරසිංහ (මීටර් 4*400), අරුණ දර්ශන (මීටර් 4*400), ඩී.එස්‌. ලක්‌ෂාන් (මීටර් 4*400), තරූෂ ධනංජය (මීටර් 4*400), අරෝෂ් කාරියවසම් (මීටර් 100, 4*100), ශෙනාල් රත්වත්තේ (4*100), සහන් රාජපක්‌ෂ (4*100), ජීත් සිල්වා (4*100), ඉශාන් කාවින්ද (4*100), සුපුන ප්‍රියංජන (මීටර් 10,000)

බාලිකා එම්.ඕ. උදයන්ගි (මීටර් 400), ඩබ්.ජී.එච්.එස්‌.කේ. ධර්මරත්න (රිටි පැනීම), හෂිනි ප්‍රබෝධා බාලසූරිය (තුන්පිම්ම), බී,එම්.අයි.එන්.කේ. බස්‌නායක (මීටර් 3000 බාධක), ශර්මිලා ජෑන් (මීටර් 100), චාමි දේවරාණි පල්ලෙවත්ත (මීටර් 100), කේ.ජී.ඩී.එම්.එස්‌. කුමාරසිංහ (මීටර් 800)

 තවත් පුවත් සඳහා පිවිසෙන්න