ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහය විසින් මෙවර සංවිධානය කරනු ලබන 22 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ (ISAC) පළමු දිනය ඊයේ (24) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
දිවයින පුරා පිහිටි ජාත්‍යන්තර පාසල් 22ක් නියෝජනය කරමින් විවිධ වයස් කාණ්ඩවලින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 1500කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ඊයේ ආරම්භ වූ තරගාවලියෙ දී නව තරගාවලි වාර්තා කිහිපයක් ම බිහි වුනා.
Photos – International Schools Athletics Championship 2024 (ISAC 2024) – Day 01
මෙහි දී වයස අවුරුදු 12න් පහළ පිරිමි උස පැනීම ඉසව්වෙන් මීටර් 1.37ක උසක් තරණය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ යුනාල් රණවීර, 14න් පහළ පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.05ක දුරක් තරණය කළ කොළඹ ගේට්වේ විද්‍යාලයේ අශයින් තෙවරප්පෙරුම, 18න් පහළ පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වේ දී තත්පර 14.84ක කාලයක් වාර්තා කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ හර්ශන චමෝද්, 18න් පහළ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.02ක් තරණය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ තරුෂ මෙන්ඩිස්, 18න් පහළ පිරිමි යගුලිය විසිකිරීමෙන් මීටර් 13.82ක දුරක් යගුලිය විසි කළ OKI ජාත්‍යන්තර පාසලේ ට්‍රැවින් බොනිෆස්, 20න් පහළ පිරිමි මීටර් 200 ඉසව්ව තත්පර 21.67ක කාලයකින් නිම කළ පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ දිනෙත් වීරරත්න, 20න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.06ක උසක් තරණය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ දෙනෙත් අනුහස්, 20න් පහළ පිරිමි දුර පැනීම ඉසව්වෙන් මීටර් 7.15ක දුරක් තරණය කළ රත්නපුර ලයිසියම් විද්‍යාලයේ හසිත දිසානායක, 20න් පහළ පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 39.84ක දක්ෂතාවක් දැක්වූ කොළඹ ගේට්වේ විද්‍යාලයේ ක්‍රිස්ටියන් දාබරේරා, 20න් පහළ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 49.08ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ OKI ජාත්‍යන්තර පාසලේ විහඟ ගීනුර නව තරගාවලි වාර්තා පිහිටුවීමට සමත් වුනා.
- සමිත් ප්‍රංශයේ දී රන් පදක්කමක් දිනයි
- ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි
- 2024 වසරේ මලල ක්‍රීඩාවේ ලෝක වාර්තා අලුත් වීම ඇරඹුණා!
- ලෝක ශූරතාවලියේ දී අකලංක පීරිස්ගෙන් නව ජාතික වාර්තාවක්!
- දුනුකර සහ මදිරිකා පළමු ඇවිදීමේ ජාතික ශූරතාව ජයග්‍රහණය කරයි
එමෙන්ම කාන්තා අංශයෙන් තරග වැදුණු ක්‍රීඩිකාවන් අතුරෙන් ද,
12න් පහළ මීටර් 60 ඉසව්ව තත්පර 8.37ක කාලයකින් නිමා කළ සාන්ත නිකොලා ජාත්‍යන්තර පාසලේ උමායා සිල්වා, 14න් පහළ යගුලිය විසිකිරීම ඉසව්වෙන් මීටර් 8.97ක දක්ෂතාවක් දැක්වූ රත්නපුර ලයිසියම් පාසලේ ලෝශිනී කොඩිතුවක්කු, 16න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.32ක දුරක් තරණය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ දිලිනි රාජපක්ෂ, 18න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 15.92ක කාලයකින් නිම කල කොළඹ ගේට්වේ විද්‍යාලයේ නෙහන්සා පරණලියනගේ, 18න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.60ක උසක් තරණය කළ කොළඹ ගෙට්වේ විද්‍යාලයේ ශෙනුකි ජයසුන්දර, 18න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.5ක දුරක් තරණය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ උමායා රත්නායක, 18න් පහළ මීටර් 400×4 ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාල කණ්ඩායම, 20න් පහළ උස පැනීමේ ඉසව්වේ දී මීටර් 1.65ක උසක් තරණය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ සිතුලි සාදිත්‍යා, 20න් පහළ මීටර් 200 ඉසව්වේ මූලික වටයේ තරග වටයක් තත්පර 25.23ක කාලයකින් නිම කළ කොළඹ ගේට්වේ විද්‍යාලයේ ශනෙල්ලා සෙනෙවිරත්න විසින් ද නව තරග වාර්තා පිහිටුවීමට සමත් වුනා.
පළමු දිනයේ තරග නිමා වන විට ශූරතාවලියට සත්කාරකත්වය ලබා දෙන කොළඹ ගේට්වේ විද්‍යාලය සහ වත්තල ලයිසියම් විද්‍යාලය අතර කරට කර සටනක් නිර්මාණය වී තිබෙනවා.
මෙහි දී දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වූ වත්තල ලයිසියම් විද්‍යාලය ලකුණු 466ක් ලබා ගනිද්දී, කොළඹ ගේට්වේ විද්‍යාලය ලකුණු 457ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
නමුත් මේ වන විට මෙම පාසල් ද්විත්වය අතර සහ අනෙක් පාසල් අතර සැලකිය යුතු මට්ටමේ පරතරයක් ද නිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්.
ශූරතාවලියේ දෙවන සහ අවසන් දිනය අද (25) ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ පිළිබඳ සියලු සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමේ වගකීම ඉටු කිරීමට ThePapare සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<