2027 වසරේ සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලියේ දී ශ්රී ලංකාව D කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.
ලබන වසරේ සිට මෙම තරග පැවැත්වීමට නියමිත අතර, මෙහි දී ශ්රී ලංකාව නියෝජනය කරන D කාණ්ඩය යටතේ තායිලන්තය, තුර්කිමේනිස්තානය, චීන තායිපේ කණ්ඩායම් ද තරග වැදෙනු ඇති.
මෙම කණ්ඩයම් සමඟ තරග ලබන වසරේ මාර්තු මාසයේ සිට පැවැත්වීමට නියමිත අතර, ශ්රී ලංකාව පළමුව මාර්තු මස 21 දින තායිලන්තයේ සංචාරය කිරීමට නියමිතයි. එමෙන්ම තායිලන්තය නොවැම්බර් මස 18 ශ්රී ලංකාවේ සංචාරය කරමින් අනෙක් තරගයට සහභාගී වනු ඇති.
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- SAFF U20 තරගාවලිය සඳහා ශ්රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ජුනි මස 10 වැනි දා චීන තායිපේ කණ්ඩායම ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, 2026 මාර්තු මස 31 ශ්රී ලංකාව චීන තායිපේ කණ්ඩායම සමඟ එරටේ දී තරග වැදීමට ද නියමිතයි.
මේ අතර මෙම වසරේ ඔක්තෝබර් 09 වැනි දා තුර්කිමේනිස්තානය ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔක්තෝබර් 14 වැනි දා ශ්රී ලංකාව එරටේ සංචාරය කිරීමට ද නියමිතයි.
මෙම තරගාවලියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<