2025 ශූරයින්ගේ කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 2025 වසරේ පෙබරවාරි මාසයේ 19 වැනි දා පාකිස්තානයේ කරච්චි හිදී තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, තරගාවලිය මාර්තු මස 09 වැනි දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
කණ්ඩායම් අටක් සහභාගී වන මෙම තරගාවලිය තරග 15කින් සමන්විත වනවා. තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි වී තිබුනත්, ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකිරීමේ හේතුව මත ඩුබායි දි ද තරග කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
පාකිස්තානයේ කරච්චි, ලාහෝර්, රාවල්පින්ඩි යන ක්‍රීඩාංගණවල දී තරග පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තරගාවලියේ අවසන් මහා තරගය ද ලාහෝර් වල (ඉන්දියාව සහභාගී නොවේ නම්) පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.
තරගාවලියට සහභාගී වන කණ්ඩායම් A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.
A – පාකිස්තානය, ඉන්දියාව, නවසීලන්තය සහ බංග්ලාදේශය
B – දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
තරග කාලසටහන
- පෙබරවාරි 19- පාකිස්තානය සහ නවසීලන්තය (කරච්චි)
- පෙබරවාරි 20- බංග්ලාදේශය සහ ඉන්දියාව (රාවල්පින්ඩි)
- පෙබරවාරි 21- ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව (කරච්චි)
- පෙබරවාරි 22- ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය (ලාහොර්)
- පෙබරවාරි 23- පාකිස්තානය සහ ඉන්දියාව (ඩුබායි)
- පෙබරවාරි 24- බංග්ලාදේශය සහ නවසීලන්තය (රාවල්පින්ඩි)
- පෙබරවාරි 25- ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව (රාවල්පින්ඩි)
- පෙබරවාරි 26- ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය (ලාහෝර්)
- පෙබරවාරි 27- පාකිස්තානය සහ බංග්ලාදේශය (රාවල්පින්ඩි)
- පෙබරවාරි 28- ඇෆ්ගනිස්තානය සහ ඕස්ට්‍රේලියාව (ලාහොර්)
- මාර්තු 01- දකුණු අප්‍රිකාව සහ එංගලන්තය (කරච්චි)
- මාර්තු 02- නවසීලන්තය සහ ඉන්දියාව (ඩුබායි)
- මාර්තු 04- පළමු අවසන් පූර්ව තරගය (ඩුබායි)
- මාර්තු 05- දෙවැනි අවසන් පූර්ව තරගය (ලාහොර්)
- මාර්තු 09- අවසන් මහා තරගය (ඉන්දියාව සහභාගී වේ නම් ඩුබායි, නොවේ නම් ලාහොර්)
*. අවසන් පූර්ව සහ අවසන් තරග සඳහා අතිරේක දිනයක් බැගින් වෙන් කර ඇත.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<