ජුනි මස ආරම්භ කිරීමට නියමිත තිබෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.
තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඔවුන් නෙදර්ලන්තය සහ අයර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතයි.
මෙම පුහුණු තරග මැයි 27 සිට ජුනි 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව සිය පළමු පුහුණු තරගය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ මැයි 28 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
- වනිඳු හසරංග තුන් ඉරියව්වෙන් පළමු තැනට
- T20 ලෝක කුසලානයට ගිය සිංහ පෝතකයෝ
- 2024 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- ලක්ෂිත, ඩිල්ශාන් සහ පසිඳු පන්දුවෙන් දස්කම් අතරට
එම පුහුණු තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවැනි පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය මැයි මස 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.
2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ජුනි මස 02 දා ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජුනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් නිව්යෝක් හී පැවැත්වෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<