අන්තර් පාසල් පළමු කොටසේ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය ඊයේ (15) සමත් වුනා.
මෙවර තරගාවරයේ ඉතා විශිෂ්ට දස්කම් දක්වමින් අපරාජිත ව සිටි බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමඟ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගය ආරම්භයේ පටන් දෙපිළම ඉතා හොඳ කරට කර සටනකට අවතීර්ණ වුනා.
මෙහි දී සාර්ථක උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් මගින් පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වූ අතර, සාන්ත පීතර ක්‍රීඩකයින් ඊට ප්‍රතිචාර දක්වමින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඉසිපතන ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 12-05ක් ලෙස වෙනස් කිරීමට සමත් වුනා. මේ මොහොතේ පීතර විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ රනිතු රිද්මාල් වාර්තා කළ උත්සාහක දිනුම සහ රාහුල් පීටර්ගේ සාර්ථක ප්‍රවර්තනය නිසා තරගයේ ලකුණු තත්වය නැවතත් සම මට්ටමට පැමිණියා.
කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර ඉසිපතන ක්‍රීඩකයින් තවත් දඬුවම් පහරක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු තත්වය 20-12ක් ලෙස නැවත වෙනස් කිරීමට සමත් වුනා.
- වාර්තා අලුත් කරන 2024 Dialog පාසල් රග්බි ලීගයට සියල්ල සූදානම්
- 2024 පාසල් රග්බි උණුසුමේ පෙරදැක්ම
- Dialog පාසල් රග්බි ලීගයේ පළමු සතිඅන්තය සාර්ථකව අවසන් වෙයි
- කසකස්තානයට එරෙහිව පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාවට ශූරතාව!
- වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලානය පොලිසිය අතට
තරගයේ දෙවැනි අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් දඬුවම් පහරක් සාර්ථක කර ගන්නා අතරේ, සාන්ත පීතර ක්‍රීඩකයින් දඬුවම් පහරකට අමතරව තවත් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු තත්වය 23-22ක් මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.
නමුත් මේ මොහොතේ නැවත ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩකයින් මෙම තරගයේ ජයග්‍රහණය තමන් වෙනුවෙන් ම ලියැවුණු එකක් බව තහවුරු කරමින් තවත් ලකුණු 11ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා. නමුත් මෙවර තරගවාරයේ අපරාජිත ව සිටි සාන්ත පීතර ක්‍රීඩකයින්ට මේ අතරවාරයේ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 07ක් පමණයි.
- ඉසිපතන විද්‍යාලය 34 (4T, 1C, 4P) – සාන්ත පීතර විද්‍යාලය 29 (4T, 3C, 1P)
තරගයේ වීරයා – නිසජ ජයවීර (ඉසිපතන විද්‍යාලය)
ඒ අනුව 14 වැනි වරටත් ජනාධිපති කුසලානය තමන් සතු කර ගැනීමට ඉසිපතන විද්‍යාලයට හැකියාව ලැබුණා.
දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<