Home Sinhala ඉසුරු උදාන Galle Marvels ජයග්‍රහණය කරා රැගෙන යයි

ඉසුරු උදාන Galle Marvels ජයග්‍රහණය කරා රැගෙන යයි

Lanka Premier League 2024

52
galle marvels vs colombo strikers

2024 LPL තරගාවලියේ 5 වැනි තරගය ලෙස ඊයේ (03) රාත්‍රියේ පැවැත්වුණු තරගයෙන් Colombo Strikers කණ්ඩායමට එරෙහිව ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම් නායක නිරෝශන් දික්වැල්ල ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 18කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනා. දික්වැල්ල විසින් දියත් කළ මෙම ඉනිම වෙනුවෙන් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වූ අතර, ඉනිමේ මැද පෙළ ශක්තිමත් කළ සහන් ආරච්චිගේ විසින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් Galle ඉනිමේ කඩුලු 6ක් ම ලකුණු 94ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව පිටියට පිවිසි ඉසුරු උදාන විසින් පන්දු 34ක් තුළ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වීම මෙම තරගයේ තීරණාත්මක අවස්ථාව ලෙස හඳුන්වා දිය හැකි. ඉසුරුගේ ඉනිම වෙනුවෙන් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වූ අතර, ඔහු සහ සහන් ආරච්ච්ගේ විසින් ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක් එක් කිරීමට සමත් වුනා.

මේ අතර Colombo Strikers වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Shadab Khan කඩුලු 4ක් බිඳ හෙළන අතරේ බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

Galle වෙතින් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා Rahmanullah Gurbaz ලකුණු 27ක් ලබා ගනිමින් ඉනිමට ආරම්භය ලබා දුන් අතර, Glenn Phillips මැද පෙළ ශක්තිමත් කිරීමට උත්සාහ දරමින් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් Colombo ඉනිමේ ද කඩුලු 7ක් ලකුණු 117ක් තුළ දැවී යාම නිසා ඔවුන් ද තරමක් අසීරු තත්වයකට පත් වුනා. මේ මොහොතේ ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ විසින් පන්දු 26කින් ලකුණු 45ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ද එල්ල කළා.

නමුත් එම උත්සාහය අවාසනාවන්ත ලෙස අසාර්ථක වූ අතර, Galle Marvels කණ්ඩායමට ලකුණු 07ක ජයක් උරුම වුනා.

මෙහි දී Galle Marvels වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගන්නා අතරේ මහීෂ් තීක්ෂණ සහ සහන් ආරච්ච්ගේ විසින් ද කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Colombo Strikers
172/9 (20)

Galle Marvels
179/10 (20)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Rahmanullah Gurbaz b Shadab Khan 50 18 6 3 277.78
Alex Hales c Matheesha Pathirana b Binura Fernando 14 15 2 0 93.33
Tim Seifert b Shadab Khan 12 11 2 0 109.09
Bhanuka Rajapaksa run out (Sadeera Samarawickrama) 0 1 0 0 0.00
Janith Liyanage  lbw b Shadab Khan 2 5 0 0 40.00
Sahan Arachchige c Muhammad Waseem b Matheesha Pathirana 35 27 4 1 129.63
Dwaine Pretorius lbw b Shadab Khan 5 7 1 0 71.43
Isuru Udana c Rahmanullah Gurbaz b Binura Fernando 52 34 5 3 152.94
Malsha Tharupathi run out (Sadeera Samarawickrama) 0 0 0 0 0.00
Maheesh Theekshana not out 0 1 0 0 0.00
Zahoor Khan c Muhammad Waseem b Binura Fernando 0 1 0 0 0.00


Extras 9 (b 2 , lb 0 , nb 0, w 7, pen 0)
Total 179/10 (20 Overs, RR: 8.95)
Bowling O M R W Econ
Thisara Perera 1 0 16 0 16.00
Binura Fernando 4 0 22 3 5.50
Matheesha Pathirana 4 0 37 1 9.25
Chamika Karunaratne 2 0 37 0 18.50
Dunith Wellalage 4 0 27 0 6.75
Shadab Khan 4 0 21 4 5.25
Glenn Phillips 1 0 17 0 17.00


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Zahoor Khan 29 17 1 3 170.59
Shevon Daniel c Niroshan Dickwella b Maheesh Theekshana 7 6 1 0 116.67
Muhammad Waseem c Isuru Udana b Maheesh Theekshana 16 9 1 1 177.78
Sadeera Samarawickrama c Maheesh Theekshana b Isuru Udana 16 17 0 0 94.12
Glenn Phillips c Tim Seifert b Sahan Arachchige 26 18 1 1 144.44
Thisara Perera b Sahan Arachchige 18 14 3 0 128.57
Shadab Khan c Tim Seifert b Malsha Tharupathi 0 3 0 0 0.00
Dunith Wellalage c Tim Seifert b Isuru Udana 45 26 5 2 173.08
Chamika Karunaratne run out (Pasindu Sooriyabandara) 12 10 1 0 120.00
Binura Fernando not out 0 0 0 0 0.00


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 172/9 (20 Overs, RR: 8.6)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 20 2 5.00
Dwaine Pretorius 3 0 40 0 13.33
Isuru Udana 4 0 34 2 8.50
Zahoor Khan 3 0 32 1 10.67
Malsha Tharupathi 3 0 25 1 8.33
Sahan Arachchige 3 0 21 2 7.00