Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි

Lanka T10 Super League 2024

76
2024 Lanka T10 Super League player draft

පළමු Lanka T10 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් වෙන් කර ගැනීම සඳහා පැවැත්වුණු ක්‍රීඩක කෙටුම්පත්කරණය ඊයේ (09) රාත්‍රියේ පැවැත්වුණා. 

මෙවර තරගාවලිය සඳහා Galle Marvels, Hambantota Bangla Tigers, Jaffna Titans, Kandy Bolts, Colombo Jaguars සහ Nuwara Eliya Kings ලෙස කණ්ඩායම් හයක් සහභාගී වන අතර, කෙටුම්පත්කරණය පැවැත්වීමට පෙර සෑම කණ්ඩායමක් ම Pre Draft අවස්ථාව යටතේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු බැගින් තම කණ්ඩායම්වලට එක් කරගත්තා. 

Pre Draft අවස්ථාව යටතේ කණ්ඩායම්වලට එක් වූ ක්‍රීඩකයින් මෙසේයි; 

  • Galle Marvels – මහීෂ් තීක්ෂණ, Shakib Al Hasan, භානුක රාජපක්ෂ, Alex Hales, චමිඳු වික්‍රමසිංහ, Andre Fletcher 
  • Hambantota Bangla Tigers – දසුන් ශානක, Iftikhar Ahmed, කුසල් පෙරේරා, Hazratullah Zazai, ඉසුරු උදාන, Karim Janat 
  • Jaffna Titans – වනිඳු හසරංග, Tom Kohler-Cadmore, කුසල් මෙන්ඩිස්, Johnson Charles, නුවන් තුෂාර, Dwaine Pretorius 
  • Kandy Bolts – තිසර පෙරේරා, Imad Wasim, දිනේෂ් චන්දිමාල්, George Munsey, මිලින්ද සිරිවර්ධන, Amir Hamza 
  • Colombo Jaguars – ඇන්ජලෝ මැතිව්ස්, Azam Khan, මතීෂ පතිරණ, Asif Ali, අකිල ධනංජය, Najibullah Zadran 
  • Nuwara Eliya Kings – අකිල ධනංජය, Saurabh Tiwary, කසුන් රාජිත, Kyle Mayers, ධනුශ්ක ගුණතිලක, Oshane Thomas 

ඊයේ පැවැත්වුණු කෙටුම්පත්කරණයේ දී පළමු තෝරා ගැනීම ලෙස චරිත් අසලංකගේ නම ඉදිරිපත් වූ අතර, Jaffna Titans විසින් ඔහු තම කණ්ඩායමට තෝරා ගත්තා. ඉන් අනතුරුව පැතුම් නිස්සංක Kandy Bolts විසින් තෝරා ගැනුණු අතර, දුශ්මන්ත චමීර Hambantota Bangla Tigers විසිනුත්, කමිඳු මෙන්ඩිස් Colombo Jaguars විසිනුත් තෝරා ගැනීමට කටයුතු කළා. 

මේ අතර නිමා වූ Hong Kong Sixers තරගාවලියේ වීරයා බවට පත් වූ තරිඳු රත්නායක Hambantota Bangla Tigers විසින් ලබා ගන්නා අතරේ, ඔහුගේ නායකයා ලෙස කටයුතු කල ලහිරු මදුශංක Nuwara Eliya Kings විසින් තෝරා ගත්තා. 

මේ අතර යොවුන් ක්‍රීඩකයින් ලෙස දුනිත් වෙල්ලාලගේ Jaffna වෙතටත්, පුලිඳු පෙරේරා Nuwara Eliya වෙතටත්, ගරුක සංකේත් Colombo Jaguars වෙතටත්, විජයකාන්ත් වියස්කාන්ත් Hambantota වෙතටත් තෝරා ගැනුණා. 

මේ අතර මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් ලෙස Luke Wood (Galle Marvels), Soumya Sarkar (Hambantota Bangla Tigers), David Wiese (Jaffna Titans) වැනි ක්‍රීඩකයින් හඳුන්වා දිය හැකි. 

ක්‍රීඩක කෙටුම්පත්කරණය නිමා වීමත් සමඟ සම්පුර්ණ වූ කණ්ඩායම් මෙසේයි; 

  • Galle Marvels මහීෂ් තීක්ෂණ, Shakib Al Hasan, භානුක රාජපක්ෂ, Alex Hales, චමිඳු වික්‍රමසිංහ, Andre Fletcher, බිනුර ප්‍රනාන්දු, Luke Wood, ජෙෆ්‍රි වැන්ඩසේ, Zahoor Khan, සඳුන් වීරක්කොඩි, ප්‍රභාත් ජයසූරිය, Kesrick Williams, දුමිඳු සෙව්මිණ, Maruwani, සදීශ රාජපක්ෂ 
  • Hambantota Bangla Tigers දසුන් ශානක, Iftikhar Ahmed, කුසල් පෙරේරා, Hazratullah Zazai, ඉසුරු උදාන, Karim Janat, දුශ්මන්ත චමීර, Richard Gleeson, තරිඳු රත්නායක, Mohammad Shahzad, ධනංජය ලක්ෂාන්, නිශාන් පීරිස්, Soumya Sarkar, ශෙවෝන් ඩැනියෙල්, Brian Bennet, සහන් ආරච්ච්ගේ, විජයකාන්ත් වියස්කාන්ත්, චමත් ගෝමස් 
  • Jaffna Titansවනිඳු හසරංග, Tom Kohler-Cadmore, කුසල් මෙන්ඩිස්, Johnson Charles, නුවන් තුෂාර, Dwaine Pretorius, චරිත් අසලංක, Muhammad Amir, දුනිත් වෙල්ලාලගේ, David Wiese, ප්‍රමෝද් මදුශාන්, පවන් රත්නායක, George Garton, ට්‍රවීන් මැතිව්ස් Kevin Wickham 
  • Kandy Bolts තිසර පෙරේරා, Imad Wasim, දිනේෂ් චන්දිමාල්, George Munsey, මිලින්ද සිරිවර්ධන, Amir Hamza, පැතුම් නිස්සංක, Saim Ayub, චතුරංග ද සිල්වා, Shahnawaz Dahani, ශෙහාන් ජයසූරිය, චාමික ගුණසේකර, Chandrapaul Hemraj, දනල් හේමානන්ද, Arineshto Vezha, සීක්කුගේ ප්‍රසන්න  
  • Colombo Jaguars ඇන්ජලෝ මැතිව්ස්, Azam Khan, මතීෂ පතිරණ, Asif Ali, අකිල ධනංජය, Najibullah Zadran, කමිඳු මෙන්ඩිස්, Tymal Mills, ඇන්ජලෝ පෙරේරා, Ali Khan, ඉසිත විජේසුන්දර, රමේෂ් මෙන්ඩිස්, Aamir Jamal, රනුද සෝමරත්න, Jewel Andrew, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ගරුක සංකේත් 
  • Nuwara Eliya Kingsඅකිල ධනංජය, Saurabh Tiwary, කසුන් රාජිත, Kyle Mayers, ධනුශ්ක ගුණතිලක, Oshane Thomas, දුශාන් හේමන්ත, Benny Howell, ලහිරු මදුශංක, Aftab Alam, නිම්සර අතරගල්ල, යශෝධ ලංකා, Zubairullah Akbari, විශේන් හැළඹගේ, Rivaldo Clarke, චාමික කරුණාරත්න, පුලිඳු පෙරේරා  

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<