මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ කාලසටහන හැකි ඉක්මනින් නිල වශයෙන් නිකුත් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරි Geoff Allardice ප්‍රකාශ කර තිබෙනවා.
තරගාවලිය මාස හතරකට පසු එනම් ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන නමුත් තරග පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ.
2019 වසරේ ලෝක කුසලාන කාලසටහන තරගාවලියට මාස 13කට පෙර සහ 2015 කාලසටහන මාස 18කට පෙර නිකුත් කිරීමට කටයුතු කළත්, මෙවර කාලසටහන තවමත් නිකුත් නොවී තිබීම විශේෂත්වයක්.
මෙවර තරගාවලිය ඔක්තෝබර් 05 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වීමට නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග තහවුරු කර තිබුනත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කිසිදු නිල ප්‍රකාශයක් තවමත් සිදු කර නැහැ.
- Colombo Strikers හි පුහුණුකරුවන් නම් කරයි
- ජයසූරියට LPL හි විශේෂ වගකීමක්
- ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව තාක්ෂණික කමිටුවක්
- Ace Capital සහ Colts අවසන් පූර්ව වටයට
- මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
නිල තරග කාලසටහන ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් තරගය අතරතුර නිකුත් කරන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah මීට පෙර ප්‍රකාශ කර තිබුනත්, Geoff Allardice සිය මාධ්‍ය සාකච්ඡාවේ දී කිසිදු කාලසීමාවක් ප්‍රකාශ කර නැහැ.
“මම හිතනවා අද (බදාදා) සත්කාරකයින්ගෙන් තරග කාලසටහන ලැබෙයි කියලා. ඒත් අපිට සහභාගී වන කණ්ඩායම් සහ විකාශයකයින් සමඟ සාකච්ඡා කිරීමට දේවල් ටිකක් තියෙනවා. පසුව අපි කාලසටහන හැකි ඉක්මනින් නිල වශයෙන් නිකුත් කරනවා.
සමහර තැන්වල සාකච්ඡා කරන්න දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් ක්‍රිකට් මෙන්ම රජයන් සම්බන්ධ දේවල්. හොඳ තරගාවලියක් ලබා දෙන්න වගකීම් ගොඩක් දරන්න වෙනවා.”
ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට පාකිස්තානයේ කැමැත්ත සම්බන්ධ ගැටලුව මෙම නිල කාලසටහන නිකුත් කිරීම ප්‍රමාද කරනවා ද යන්න Allardiceගෙන් මාධ්‍යවේදීන් විමසූ නමුත් ඔහු එයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබුණා.
“මම කාලසටහන දකින තුරු බලාගෙන ඉන්නවා. මම හිතනවා ඒක ඉදිරි දිනය හෝ දෙක තුළ ලැබෙයි කියලා. අපගේ කණ්ඩායම විවිධ රටවල් වල තරගාවලි සංවිධානය ගැන ඉහළ අත්දැකීම් තියෙන කණ්ඩායමක්,” යැයි Geoff Allardice වැඩි දුරටත් ප්‍රකාශ කළා.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇතුළු ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<