ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය මේ මස 22 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතය.
ලහිරු, අන්තෝනුවෝ අවසන් තරගයට ගෙන එයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු…
මෙම තරගය සඳහා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සුදුසුකම් ලබා සිටී. සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මෙනුෂ පෙරේරා විසින් ද, සාන්ත අන්තෝනි විද්‍යාලය ලහිරු අබේසිංහ විසින් ද මෙහෙයවනු ලැබේ. කණ්ඩායම් දෙකම සෑම අදියරක දී ම සම දක්ෂතා දක්වා ඇති බැවින් මෙම තරගය වඩාත් තරගකාරීත්වයකින් යුක්ත වෙනු ඇත.
“පළමු කොටසේ අවසන් මහා තරගයක් සඳහා පළමු වරට අපි පිවිසියත් මෙවර ශූරතාව දිනා ගැනීමට අපිට පුළුවන් කියන විශ්වාසයේ අපි ඉන්නවා. විශේෂයෙන් ම සමබර කණ්ඩායමකින් සහිත කණ්ඩායමක් බැවින් මේ විශ්වාසය තවත් වැඩියි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන නායක මෙනුෂ පෙරේරා තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා අවසන් මහා තරගයේ දී ද දක්වාවි. අවිශ්ක පෙරේරා, සඳරු නවෝද්‍ය, දසුන් පෙරේරා, ශෙනිත් දුලක්ෂණ, සෙත් රන්තිස සහ කවිත් ෂෙහාර ගැන වැඩි විශ්වාසයක් තබා ගෙන සිටිනවා. ඔවුන් මේ තරගය අමතක නොවන තරගයක් බවට පත් කරාවි.” සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අමිල සම්පත් මහතා ThePapare.com සමඟ පැවසුවේය.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු සහ දෙවැනි වටයේ දී කාණ්ඩ ශූරයන් වෙමින් තෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නා අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය ද සහ අවසන් පූර්ව වටයේ දී ගාල්ල මහින්ද විද්‍යාලය ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
සාන්ත අන්තෝනි විද්‍යාලය ද මෙවර තරගාවලියේ පළමු සහ දෙවැනි වටයේ දී කාණ්ඩ ශූරයන් වෙමින් තෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නා අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් පසුගිය වසරේ තරගාවලියේ අනුශූරයන් වූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ද අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ ලුම්බිණි විද්‍යාලය ද පරාජය කළේය.
අවසන් පූර්ව වටයේ දී ඔවුන්ට හමු වූයේ කන්ද උඩරට වාර්ෂික මහා ක්‍රිකට් තරගමාලාවේ ප්‍රතිවාදීන් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයය. එහි දී වැඩි ප්‍රසාද ලකුණු ලබා ගත් සාන්ත අන්තෝනුවෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.
සාන්ත තෝමසුවෝත් අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…
“අපේ කණ්ඩායම Team එකක් විදිහට ඉතා ශක්තිමත්. පළමුවැනියාගේ සිට අන්තිමයා දක්වා තමන්ගේ යුතුකම ඉතා මැනවින් ඉටු කරන කණ්ඩායමක්. මේ දක්වා අපි ආ ගමනේ දී ශතක 5ක් අපේ කණ්ඩායම ලබා ගත්තා. නායක ලහිරු අබේසිංහ, තිසර ඒකනායක, ට්‍රෙවින් මැතිව්ස් සහ ඉඳුවර ගලපිටගේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමේ වැඩි විශ්වාසයක් දිනා සිටිනවා. ඒ වගේම ආරම්භක පිතිකරු මොහොමඩ් අකීල් සහ ඉතා හොඳ පන්දු රකින්නෙක් වගේම පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන රයන් ඇන්තනීත් අපේ කණ්ඩායමට සිටින ඉතා දක්ෂයන්. ඉතිං මේ අයත් සමඟ එකතු වෙන අනෙක් සියලු දෙනාත් එක්ව අපිට මෙවර කුසලානය ලබා ගන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි සිටිනවා.” සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුකරු දිමුතු වීරසිංහ මහතා ThePapare.com සමඟ පැවසීය.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මෙම වයස් කාණ්ඩයේ පළමු කොටසේ තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන බැවින් ඔවුන් මෙම තරගයේ දී වඩාත් සන්නද්ධව පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.
එමෙන්ම සාන්ත අන්තෝනි විද්‍යාලය මෙම වයස් කාණ්ඩයෙන් අවසන් මහා තරගයකට පිවිසෙනුයේ දශක දෙකකට පමණ පසුව ය. එබැවින් ඔවුන් ද මෙම තරගය කදිම සිහිවටනයක් කර ගැනීමට උත්සාහ කරනු නොඅනුමාන ය.
ඔවුනොවුන් අතර ඇති වන මේ ද්වන්ද සටනේ කුසලානයේ හිමිකරුවන් කවුරුන් දැයි අපිට තීරණය කළ නොහැක. නමුත් උණුසුම් තරගයක් දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් යුත් අප කණ්ඩායම් දෙකටම සම සේ සුබ පැතුම් එක් කරමු.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම;
මෙනූෂ පෙරේරා (නායක) සචිර ද සොයිසා, අවිශ්ක පෙරේරා, සුහද ප්‍රනාන්දු, විශ්ව රාජපක්ෂ, රුචිර පවන්, සඳරු නවෝද්‍ය, දසුන් පෙරේරා, තරින්ද ඒෂාන්, කවීෂ මිහිසර, සෙත් රන්තිස, ශෙනිත් දුලක්ෂණ, කවිත් ෂෙහාර, කවිඳු නිශාර
නිලධාරීන්; සුරේඛා දිල්හානි පෙරේරා මහත්මිය (ක්‍රීඩා භාර ආචාරිනි) අමිල සම්පත් ඇන්ටන් මහතා (පුහුණුකරු)
කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම;
ලහිරු අබේසිංහ (නායක) රයන් ඇන්තනී, ඉඳුවර ගලපිටගේ, පසිඳු ජයවංශ, තිසර ඒකනායක, මොහොමඩ් අකීල්, ට්‍රෙවින් මැතිව්ස්, අංජල බණ්ඩාර, චමල්ක බණ්ඩාර, ඉෂාර අබේසිංහ, රවිඳු කපුකොටුව, මොහොමඩ් ශේහාඩ්, මලීෂ් අමරකෝන්, එන්. සබේශාන්, මොහොමඩ් අකීල්, චමෝද් ගුණරත්න, සඳරු බණ්ඩාර, මොහොමඩ් අබ්දුල්ලා, හේෂාන් බණ්ඩාර
නිලධාරීන්; දිමුතු වීරසිංහ මහතා ( ප්‍රධාන පුහුණුකරු – කනිෂ්ඨ) සුනෙත් ගුණතිලක මහතා (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහුණුකරු) සුසන්ත බණ්ඩාරනායක මහතා (පුහුණුකරු) ජූලියන් ආනෝල්ඩා මහතා (පුහුණුකරු) ලක්ෂාන් කළුධීර මහතා (පුහුණුකරු) අමිල ආරියරත්න මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
අවසන් මහා තරගයේ උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<