2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ඉතා උණුසුම් තරග ද්විත්වයක් අද (23) පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල – පේරු කණ්ඩායමa අතර හා බොලිවියා හා වෙනිසියුලා කණ්ඩායම් අතරයි.
වත්මන් ශූරයෝ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි
ඇලෙක්සිස් සැන්චේස්ගේ ගෝලත් සමඟ චිලි කණ්ඩායම 2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට….
බ්‍රසීලය හා පේරු
මෙම තරගය පහසුවෙන් ජය ගෙන ගෝල 5-0ක් ලෙස A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණා.
කැසිමෙරෝ බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර රොබර්ටෝ ෆර්මිනෝ ඉතා ඉක්මනින් ගෝල දෙගුණ කළා. එවර්ටන් පළමු අර්ධයට පෙර ගෝල ගණන තුනක් දක්වා ඉහළ දැමූ අතර නායක Dani Alves හා විලයින් දෙවන අර්ධයේ දී ගෝල වාර්තා කළේ පේරු කණ්ඩායම අන්ත අසරණ කරමින්. තරගයේ අවසාන භාගයේ දී Gabriel Jesus දඬුවම් පහරක් ව්‍යර්ථ වීම විශේෂත්වයක්.
12 වැනි මිනිත්තුවේ දී පළමු බ්‍රසීල ගෝලය වාර්තා වූ අතර Coutinho වම් කෙළවරේ සිට ලබා ගත් කෝනර් අවස්ථාවක් Casemiro දක්ෂ ලෙස ගෝලයක් බවට පරිවර්තනය කරන්නට සමත් විය. Marquinhos පන්දුව හිසෙන් දැල වෙත යොමු කිරීමට සිදු කළ උත්සාහයක් ව්‍යර්ථ වූ පසු Casemiro ක්ෂණිකව ක්‍රියාත්මක වී එම ගෝලය රැස් කිරීම විශේෂත්වයක්.
Firmino දෙවතාවක් උත්සහ කිරීමෙන් අනතුරුව වාසනාවන්ත ගෝලයක් රැස් කළ අතර ගෝල රාමුවේ වැදී ආ පන්දුව ඔහු ක්ෂණිකව නැවත දැල වෙත යොමු කරන්නට සමත් විය.
එවර්ටන් පළමු තරග දෙකේ දී බ්‍රසීලය වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කළ අතර මෙවර ආරම්භක කණ්ඩායමට පිවිසුණු ඔහු යාර 20 සීමාවේ සිට අලංකාර ගෝලයක් වාර්තා කළේ බ්‍රසීල ගෝල ගණන තෙගුණ කරමින්.
පළමු අර්ධය: බ්‍රසීලය 03 – 00 පේරු
53 වැනි මිනිත්තුවේ දී Arthur හා Firminoගේ දක්ෂ පන්දුව හුවමාරු කිරීම් ද්විත්වයකින් පසුව Alves කලකට පසු ගෝලයක් රැස් කළේ පේරු ආරක්ෂකයින්ට කිසිදු නිදහසක් නොදෙමින්.
Coutinho වෙනුවට පිටියට හා Willian වේගවත් ප්‍රහාරයකින් පස්වැනි ගෝලයත් වාර්තා කළේ ගෝල රකින්නාට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් වීම විශේෂත්වයක්.
Jesus තරගයේ අවසන් භාගයේ ලැබුණු දඬුවම් පහරක් ලබා ගත් අතර පේරු ගෝල රකින ක්‍රීඩක Gallese පේරු ගෞරවය යම් තරමකට හෝ රකිමින් එම අවස්ථාව ව්‍යර්ථ කරන්නට සමත් විය.
අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 05 – 00 පේරු
ගෝල රැස් කළ ක්‍රීඩකයෝ
- බ්‍රසීලය – Casemiro (12′), Firmino (19′), එවර්ටන් (32′), Alves (53′), Willian (90′)
බොලිවියාව හා වෙනිසියුලාව
වෙනිසියුලාව බ්‍රසීලයේ හමුවේ පරාජය වූ පේරු සිත් තවත් බිඳිමින් ගෝල 3-1ක් ලෙස බොලිවියාව පරාජය කර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.
Darwin Machis වෙනිසියුලාව වෙනුවෙන් අලංකාර ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර සිය කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබා දුන් ඩාර්වින් තරගයේ දෙවන මිනිත්තුවේ දී Ronald Hernandezගේ පන්දු යොමු කිරීමකට සිය හිසෙන් අලංකාර ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. 58 වැනි මිනිත්තුවේ දී Tomas Rinconගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස දැල් ගත කළ ඔහු අර්ධ අවසන් පූර්ව වටයේ වෙනිසියුලා අසුන කලින්ම වෙන් කරන්නට සමත් විය.
Jhon Chancellor වෙනිසියුලාව වෙනුවෙන් තවත් ගෝලයක් එකතු කරන්නට කළ උත්සහයක් අසාර්ථක වූ අතර Leonel Justiniano බොලිවියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ සිය කණ්ඩායමේ ගෞරවය රකිමින්.
සටන්කාමි ජපානය උරුගුවේ හොල්ලයි
2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ජපානය හා උරුගුවේ අතර තරගය අද (21) පැවැත්වුණේ බ්‍රසීලයේ Porto Alegre හිදී.
Josef Martinez, විසින් Yeferson Soltedoගේ හරස් පන්දු යොමු කිරීම කල් යල් බලා දැල වෙත යොමු කළේ වෙනිසියුලාවේ තෙවන ගෝලය ලෙසයි. ඒ සමඟම ඔවුන් A කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වෙමින් මීළඟ වටයට සුදුසුකම් ලැබුවා.
අවසන් ලකුණු තත්වය: වෙනිසියුලාව 03 – 01 බොලිවියාව
ගෝල ලබාගත් ක්‍රීඩකයෝ
- වෙනිසියුලාව – Darwin Machis(2′ 58′), Martinez(86)
- බොලිවියාව – Leonel Justiniano (82)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<