ඇලෙක්සිස් සැන්චේස්ගේ ගෝලත් සමඟ චිලි කණ්ඩායම 2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණේ අද (22) පැවති තරගයකින් ගෝල 2-1ක් ලෙස ඉක්වදෝරය පරාජය කරමින්.
සටන්කාමි ජපානය උරුගුවේ හොල්ලයි
2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ජපානය හා උරුගුවේ අතර තරගය අද (21) පැවැත්වුණේ බ්‍රසීලයේ Porto Alegre හිදී.
සැන්චේස් මෙම තරගාවලියේ සිය දෙවන ගෝලයත් වාර්තා කළ අතර ඔහුගේ 51 වැනි මිනිත්තු වාර්තා වූ ගෝලයෙන් C කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 6ක් දිනා ගත් චිලී කණ්ඩායම මීළඟ වටයට යෑමට වරම් හිමි කර ගන්නා ලදි.

කෙසේ වෙතත් ඇලෙක්සිස්ගේ දෙවන ගෝලයත් සමඟ වත්මන් ශූරයින් ජය තහවුරු කර ගත් අතර Gabriel Achilier ඉක්වදෝරය වෙනුවෙන් රතු කාඩ් පතක් ලබා තරගයෙන් ඉවත් වීම විශේෂත්වයක්.
චිලී තරගයට සුපිරි ආරම්භයක් ලබා ගත්තේ අටවැනි මිනිත්තුවේ දී වාර්තා වූ Fuenzalidaගේ ගෝලයත් සමඟයි.
කෝනර් අවස්ථාවකින් ලැබුණු පන්දුව නිසි ලෙස දඬුවම් පහර චතුරශ්‍රයෙන් ඉවත් කරන්නට ඉක්වදෝර ක්‍රීඩකයින් සමත් නොවූ අතර Fuenzalida අලංකාර ලෙස පන්දුව දැල තුළට එල්ල කළේ සිය පස්වැනි අන්තර්ජාතික ගෝලය ලෙසයි.
චිලී පළමු මිනිත්තු කිහිපයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ නමුත් 26 වැනි මිනිත්තුවේ දී ඉක්වදෝර කණ්ඩායමට ස්වර්ණමය අවස්ථාවක් හිමි විය.
මෙසී ආර්ජන්ටිනා ගෞරවය රකිද්දී කොලොම්බියාව අවසන් 8ට
2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තවත් වැදගත් තරග දෙකක් අද (20) පැවැත්වුණා. කෝඩුකාර කටාර් කණ්ඩායම….
චිලී ගෝල රකින ක්‍රීඩක Gabriel Arias, ඉක්වදෝර ක්‍රීඩක Jhegson Mendez දඬුවම් පහර චතුරශ්‍රය තුල දී බිම හෙලූ අතර ලැබුණු අවස්ථාව Valencia විසින් ගෝලයක් බවට පත් කළේ පහසුවෙන් දඬුවම් පහර සාර්ථක කර ගනිමින්.
අනතුරුව තරගයේ රිද්මය බිඳ වැටුණු අතර විනිසුරුට ක්‍රීඩකයින්ගේ විවිධ අතපසුවීම් නිසා වරින් වර නලාව නාද කර තරගය නැවැත්වීමට සිදුවීම විශේෂත්වයක්,
පළමු අර්ධය: චිලී 01 – 01 ඉක්වදෝරය

ඉක්වදෝර ගෝල රකින ක්‍රීඩක Dominguez 64 වැනි මිනිත්තුවේ දී Erick Pulgarගේ අලංකාර උත්සහයක් ව්‍යර්ථ කරන්නට සමත් විය.
චිලි කණ්ඩායම තරගයේ පාලනය තමන් සතුවම තබා ගනිමින් ජය තහවුරු කර ගත් අතර ඉක්වදෝර ක්‍රීඩක Achilier හට 89 වැනි මිනිත්තුවේ දී රතු කාඩ්පතක් ලැබුණේ අරුටෝ විඩාල් හට සිය වැලමිටින් පහර දීම හේතුවෙන්.
අවසන් ලකුණු තත්වය: චිලි 02 -01 ඉක්වදෝරය
ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ
- චිලි – Fuenzalida (8′), සැන්චේස් (51′)
- ඉක්වදෝරය – Valencia (26′)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















