අපරාජිත කිරුළ රැක ගනිමින් ලුම්බිණි ක්‍රීඩකයින් තර්ස්ටන් මෙල්ල කරයි

2682

කොළඹ ලුම්බිණි විද්‍යාලයත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයත් අතර සිංගර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (26) කොළඹ හැව්ලොක් පිටියේ දී පැවති අතර එම තරගය ලකුණු 25-12ක් ලෙස ජයග්‍රහණය කළ ලුම්බිණි ක්‍රීඩකයින් B කාණ්ඩයේ පෙරමුණ රැක ගැනීමට සමත් විය.

කන්ද උඩරටින් පිළියන්දලට අනුකම්පා විරහිත සත්කාරයක්

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (25) මහනුවර විද්‍යාර්ථ……

වර්ෂාවක පෙර නිමිති මැද වැහි අඳුරත් සමඟින් තරගය ආරම්භ වූ අතර තරගාවලියේ අපරාජිතව ඉදිරියට පැමිණි ලුම්බිණි විද්‍යාලයටත්, අවසන් තරගයෙන් මලියදේව විද්‍යාලයට එදිරිව ලද දරුණු පරාජයේ සමඟින් පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයටත් මේ තරගය ඉතා වැදගත් එකක් විය.

තරගයේ ප්‍රථම මිනිත්තු දහය තුල කණ්ඩායම් දෙකම කරට කර තරග රටාවක නිරත වෙමින් පන්දුව සමඟ පොර බැදූ අතර 13 වැනි මිනිත්තුවේ දී සාගර සම්පත් ලුම්බිණි විදුහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම දිනා දුන්නේ ය. ඩිලාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (07-00)

තරගයේ තීරණාත්මක බව නිසාම අනිසි බලපෑම් දෙකක් එක පිට එක ලුම්බිණි විදුහල වෙත එල්ල විය. එහි දී ලැබුණු දඬුවම් පහර දෙකම සාර්ථක කර ගන්නට ලුම්බිණි ක්‍රීඩක ඩිලාන් සාලින්ද සමත් විය. (13-00)

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ලුම්බිණි විදුහලේ දෙවන පෙළ ක්‍රීඩක එම්. එස්. රන්දුල මනරම් උත්සාහක දිනුමක් ලුම්බිණි විදුහල වෙනුවෙන් ලබා ගැනීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ඩිලාන් පළමු අර්ධයේ වැඩි ගෞරවය තම පාසල වෙත දිනා දුන්නේය. (20-00)

පළමු අර්ධය: ලුම්බිණි විද්‍යාලය 20 – 00 තර්ස්ටන් විද්‍යාලය

මඩ සහිත ක්‍රීඩා පිටිය මත තරගයේ දෙවැනි අර්ධයත් ආරම්භ වූ අතර තර්ස්ටන් ක්‍රීඩකයින් පෙරට වඩා උපක්‍රමශීලිව ක්‍රීඩා කරමින් පන්දුව පසුපස හඹා ගියේ තරගයේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි. ඒ අනුව තර්ස්ටන් විදුහලේ පළමු උත්සාහක දිනුම සාර්ථක වූයේ යූ. සී. ගුණරත්නගේ බලාපොරොත්තු සඵල කරමිනි. තරුෂ ධර්මදාස කණ්ඩායමේ බලාපොරොත්තු තවත් ඉහළ නංවමින් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (20-07)

තරගයේ පීඩනය තවත් ලුම්බිණි විදුහල දෙසට හරවමින් තර්ස්ටන් ක්‍රීඩකයෝ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ ලුම්බිණි ආරක්ෂක වලල්ල අතරින් රිංගා යමින් ධවල රේඛාව පසු කළ ඒ. එන්. සී. රණවීරගේ උත්සාහය නිසාවෙනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (20-12)

එක් උත්සාහක දිනුමකින් ඩී. එස් හමුවේ වෙස්ලි ජය ගනී

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද (26) කොළඹ ……..

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ලුම්බිණි විදුහල දෙවැනි අර්ධයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. සාගර සම්පත් විසින් ලබා ගන්නා ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ලුම්බිණි ක්‍රීඩකයින් අසමත් වුවත්, ඒ වන විටත් පැහැදිලි ලකුණු පරතරයකින් ඉදිරියෙන් සිටි ලුම්බිණි විදුහලේ ජයග්‍රහණයට එය බාධාවක් නොවීය. (25-12)

අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය (3T,2C,2P) 25 – 12 තර්ස්ටන් විද්‍යාලය (2T,1C)

ThePapare.com තරගයේ වීරයා – සාගර සම්පත් (ලුම්බිණි විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

ලුම්බිණි විද්‍යාලය: සාගර සම්පත් 2T, එම්. එස්. රන්දුල 1T, ඩී. සාලින්ද 2C 2P

තර්ස්ටන් විද්‍යාලය: යූ. සී. ගුණරත්න 1T, එන්. සී. රණවීර 1T, තරුෂ ධර්මදාස 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<