කෝල්ට්ස් ක්‍රීඩිකාවෝ නාවික හමුදාව පරාජය කරයි

416
womens t20 day 2

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලැබු 20-20 කාන්තා තරගාවලියේ දෙවන දිනය වන අද(06) කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි සහ පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

A කාණ්ඩයේ තරග

යුධ හමුදා ක්‍රීඩා සමාජ A රෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජ A

දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් පිරිවරා සිටින කණ්ඩායම් දෙකක් වන මෙම කණ්ඩායම් දෙක අවසන් වරට පැවති පන්දුවාර 50 තරගාවලියේදි ද දස්කම් පෙන්වීමට සමත් වු කණ්ඩායම් දෙකකි. නාවික හමුදා ක්‍රීඩිකාවන් කාසියේ වාසිය දිනා ගත් නමුත් අාරාධිතයන්ට ප්‍රථමයෙන් තරග වැදීමට අවස්තාව ලබා දෙන ලදි. යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වු නිපුනි හංසිකා නොදැවි ලකුණු 52 ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදි ඉනෝකා රනවීර ලකුණු 28කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වන අතර නියමිත පන්දුවාර ගණන අවසානයේ සිව්දෙනෙකු දැවි ලකුණු 129ක් රැස් කරගන්නා ලදි.

පිලිතුරු ඉණිම ක්‍රීඩා කල නාවික හමුදා සෙබලියෝ නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුළු 9ක් දැවි ලකුණු 116 ලබා ගන්නා ලදි. දක්ෂ පිතිහරඹයක නිරතවෙමින් ප්‍රසාදිනි වීරක්කොඩි ලකුණු 32ක් ලබා ගත් අතර සාගරිකා කුමාරි ලකුණු 27කට කඩුළු 3ක් දවා ගන්නා ලදි.

යුධ හමුදා ක්‍රීඩා සමාජ A – 129/4 (20): නිපුනි හංසිකා 52*, රෙබෙකා වර්ඩොට් 24, ඉනෝකා රනවීර 2/38.

නාවික හමුදා ක්‍රීඩා සමාජ A 116/9 (20): ප්‍රසාදිනි වීරක්කොඩි 32, ප්‍රියානි අධිකාරි 21, සුගන්ධිකා කුමාරි 3/27.

ලකුණු 13ක ජයක් වාර්තා කිරීමට යුධ හමුදා A සමත් විය.

පසුගිය ලිපි: 20-20 අාරම්භක තරගයේ ජය ත්‍රිවිධ හමුදා සෙබලියන්ට


මාතර ක්‍රීඩා සමාජයට රෙහිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය B

සරේ ක්‍රීඩා පිටියේදි පැවති තවත් තරගයක් වන මෙයින් කඩුළු 7ක ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් විය.

ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙන මාතර ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවි ලකුණු 99ක් වාර්තා කිරීමට සමත් විය. මල්ෂා ශෙහානි නොදැවි ලකුණු 34කි. චතුරාණි ගුණවර්ධන ලකුණු 15කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 99 පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ පන්දුවාර 14 පන්දු 3කදි ඉලක්කය පසුකරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. දර්ශණි ධර්මසිරි ලකුණු 33ක් සහ චතුරාණි ගුණවර්ධන ලකුණු 29ක් වාර්තා කරන ලදි.

මාතර ක්‍රීඩා සමාජය – 99/8 (20): මල්ෂා ශෙහානි 34*, ශකිලා කුමාරි 3/20, චතුරාණි ගුණවර්ධන 2/15.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B – 100/3 (14.3): දර්ශණි ධර්මසිරි 33, චතුරාණි ගුණවර්ධන 29, ශයනි දිලක්ෂිකා 2/23

කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B සමත් විය.

B කාණ්ඩයේ තරග

යුධ හමුදා ක්‍රීඩා සමාජය B දිරිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A

කාසියේ වාසිය දිනාගත් යුධ හමුදා ක්‍රීඩිකාවෝ තරගයේ නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුළු 9ක් දැවි ලකුණු 76ක් වාර්තා කරන ලදි. ඔවුන් වෙනුවෙන් වාර්තා කල වැඩිම ලකුණු ගණන වාර්තා කලේ ගයනි බණ්ඩාර විසිනි. ඒ ලකුණු 21කි. තරගය පනාගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

පහසු ජයක් හඹා යෑමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ කිසිවෙකුත් නොදැවී පන්දුවාර 9 පන්දු 3කදි ලකුණු 77 වාර්තා කරමින් නියමිත ඉලක්කය සපුරා ගන්නා ලදි.

එහිදි චමරි අතපත්තු විසින් ලකුණු 39ක් වාර්තා කරන අතර යසෝධා මෙන්ඩිස් ලකුණු 35කි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය B – 76/9 (20): ගයනි බණ්ඩාර 21, ඔ්ෂදි රණසිංහ 2/12, චමරි පොල්ගම්පොල 1/7

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A – 77/0 (9.3): චමරි අතපත්තු 39, යසෝද මෙන්ඩිස් 35

කඩුළු 10ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A සමත් විය.


නාවික හමුදා ක්‍රීඩා සමාජය B දිරිව කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය විසින් නියමිත පන්දුවාර ගණන අවසානයේ කඩුළු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 86ක් පමණි. එහිදි දුෂාන්ති දේදුනු විසින් ලකුණු 30ක් වාර්තා කිරීමට සමත් විය. පන්දු යැවීමේදි සදනි තිවංකා ලකුණු 8 කඩුළු 3ක් දවා ගන්නා ලදි.

ඉන්පසුව පිටියට පිවිසෙන කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් පන්දුවාර 13 පන්දු 2කදි නියමිත ඉලක්කය සපුරා ගනිමින් තරගය කඩුළු 9කින් ජයග්‍රහණය කරන ලදි. දක්ෂ පිතිකරණයක නිරත වු ශමින් ශයිලා විසින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය. නොදැවී ක්‍රීඩා කරන හර්ශිතා සමරවික්‍රම ලකුණු 20* කි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය B – 86/8 (20): දුෂන්ති දේදුනු 30, සදනි තිවංකා 3/8, පූජානි ලියනගේ 2/18

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 90/1 (13.2): ශමින් ශයිලා 37, හර්ශිතා සමරවික්‍රම 20*, එස්. ජයවර්ධන 1/12

කඩුළු 09ක ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට