ජාතික ක්‍රීඩා සභාවේ 2015/2017 වර්ෂ සඳහා තෝරා ගැනුණු නිලධාරීන්ට පත්වීම් ප්‍රදානයකෙරේ.

163

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 4 (2) වගන්තියට අනුව 2015/2017 වසර සඳහා ජාතික ක්‍රීඩා සභාවට නිමල් ලෙව්කේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුනව නිලධාරීන් තෝරා පත්කිරීමපසුගියදා සිදුවූ අතර එම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිණි.

මෙම අවස්ථාවේදී නව නිලධාරී මඩුල්ලේ සභාපතිනිමල් ලෙව්කේ මහතා සහසාමාජිකයින් වනසිදත් වෙත්තමුණි,ජුලියන් බෝලීන් හාසුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන්  ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිය අදහස් දැක්වූහ.

 

මෙහිදී අදහස් දැක්වූ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ;

 “ක්‍රීඩාවට දක්ෂ දරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් රටට කීර්තියක් ලබාගත හැකි ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය රටට ඇතිවී ඇති අවස්ථාවක මෙම පත්කළ කමිටුව මඟින් මම අපේක්ෂා කරන්නේ සෑම ක්‍රීඩාවක් සඳහාම එක හා සමාන වැදගත්කමක් ලබාදෙමින් ඒ ඒ ක්‍රීඩා සම්බන්ධව මතු වී ඇති ගැටලු සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වී ක්‍රීඩාව දියුණු කිරීමට ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමයි.ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් මසකට වරක් හෝ තමන් හමුවී ගැටලු හා තීන්දු තීරණ පිළිබඳව සාකච්ඡා කළ යුතු” බවද ඒ මහතාප්‍රකාශ කර සිටියේය.