ලංකාව ස්කොට්ලන්තයටත් පරාජය වෙයි

185

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශේ්‍රණිගත කිරීම් සඳහා වන සුදුසුකම් ලැබීමේ වටයට අයත් තෙවැනි තරගයට ඊයේ සහභාගි වූ ශ්‍රී ලංකා පිල එහිදීද ලකුණු 59-27ක් ලෙස ස්කොට්ලන්තය වෙතින් පරාජයට පත්විය.

තරගයේ පළමු විනාඩි 10 තුළ ශ්‍රී ලංකා පිලෙන් සටන්කාමී බවක් දක්නට ලැබුණද එම වටය අවසන් වනවිට ස්කොට්ලන්තය ලකුණු 14-7ක් ලෙස පළමු වටය ජයගත්තේය.

එතැන් සිට 11-04ක්, 15-09ක් හා 19-07ක් ලෙස ඉතිරි වට තුනද දිනාගන්නට ස්කොට්ලන්තයට හැකිවිණි.

මෙම තරගයේදී පෙර තරගවලදී මෙන් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට නිදහසේ ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් අවස්ථාව ලැබුණේ අඩු වශයෙන් වීම කැපී පෙනුණි.
එහෙත් තරගය පුරාම ශ්‍රී ලංකා පිලේ විදින්නියන් අසාර්ථක වීම මෙම තරගයේ ලකුණු පරතරය ඉහළයෑමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

ශ්‍රී ලංකාව මෙම වටයේ අවසන් තරගයට අද (13දා) සහභාගි වන අතර, එහිදී ලෝක ශේ්‍රණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන බාබඩෝස් පිල සමඟ ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.20ට පමණ තරග වැදීමට නියමිතය.