දැල්පන්දු ලෝක ශූරතාවලියට ශ්‍රි ලංකා සංචිතය

145

එළඹෙන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී පැවැත්වෙන දැල්පන්දු ශූරතාවලියට ඉදිරිපත් කර ඇති ජාතික දැල්පන්දු කණ්ඩායමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව තිසලා තරණි අල්ගමදර්ශිකා ලක්මාලි අබේවික්‍රම, හසිතා ලක්මාලි මෙන්ඩිස්කේ.බී.කේ.සේමිනී අල්විස්එච්.කේ.ජී.ජී. අමරවංසතිලිනි වත්තෙගෙදරයූ.ජී.සුරේකා කුමාරිනිරෝෂා පායිවාදීපිකා දර්ශනි අබේකෝන්, සී.එස්.ඩබ්.ජයසූරියගයනි දිසානායකපී.ඒ.විරාජි චමරිකා යන ක්‍රීඩිකාවන්ට අනුමැතිය ලැබී ඇත. එමෙන්ම ජේ.කේ.කේ.ජයවීරපී.අස්විනී සහ වෙනිජා පරමලිංගම් යන ක්‍රීඩිකාවන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස සහභාගී වීමට නියමිතය.

 

කණ්ඩායම් පුහුණුකාරිනී දීප්ති අල්විස්සහකාර පුහුණුකාරිනී තමාරා ලියනගේකණ්ඩායම් කළමනාකාරිනී ඔලිවීයා ගමගේප්‍රාථමික චිකිත්සක පී.ඩී.ඩී.එන්.ප්‍රසාදි සහ වෛද්‍ය ලාල් ඒකනායක යන මහත්ම මහත්මීන් නිලධාරී මණ්ඩලය ලෙස මෙම ක්‍රීඩිකාවන් සමඟ තරඟාවලියට සහභාගී වීමට නියමිතය.