ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සත්කාරකත්වයට දොරටු වැසෙයි

115

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික්‌ කමිටුවේ ස්‌වාධීනත්වයට රජයෙන් සිදුවන බලපෑම හේතුවෙන් 2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව ආසියානු ඔලිම්පික්‌ කමිටු සභාපති ෂෙයික්‌ අහමඩ් අල් අසාඩ් අල් සබාබ් මහතා, ටෙහෙරානයේ පැවැති 66 වැනි ආසියානු ඔලිම්පික්‌ කමිටු විධායක සභා රැස්‌වීමේදී ප්‍රකාශ කර තිබේ.

ආසියානු ඔලිම්පික්‌ කමිටුව විසින් අඛණ්‌ඩව කරන ලද විධිමත් නිරීක්‍ෂණයන් මධ්‍යයේ විටින් විට කරන ලද අනතුරු හැඟවීම් මධ්‍යයේ වුව අඩුපාඩු සපුරාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බව පවසා ඇති ආසියානු ඔලිම්පික්‌ කමිටු සභාපතිවරයා පළමුව හම්බන්තොට පැවැත්වීමට නියමිත වුවද ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් කළ ඉල්ලීම් වලට කන්දී පසුව කොළඹදී පැවැත්වීමද අවස්‌ථාව සලසා දීමට තරම් ආසියානු ඔලිම්පික්‌ කමිටුව අවස්‌ථාව සලසා දී තිබු බවද පවසා ඇත.

ඒ සමග පෙරේදා සන්ද්‍යාවේ මාධ්‍ය සාකච්ජාවක්‌ කැඳවමින්, 3 වැනි අසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ නව සත්කාරකත්වයක්‌ සඳහා දොරටු විවරව ඇතැයි ප්‍රකාශ කර තිබේ. 

ලබන සැප්තැම්බරයේ ටර්ක්‌මෙනිස්‌තානයේ පැවැත්වීමට නියමිත ආසියානු ඔලිම්පික්‌ කමිටු මහ සභාවේදී අදාළ නව සත්කාරකත්වය පිරිනැමෙන නගරය කුමක්‌ද යන්න ගැන අවසන් තීරණයකට එළඹෙන බවත්, 2018 වසරේදී 18වැනි ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇති ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරට ඒ සඳහා පෙර පුහුණුවක්‌ ලෙස එය (තුන් වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල) ලැබිය හැකි බවටද මෙහෙදී ඉඟියක්‌ පලව තිබේ.