සංචාරක පාකිස්‌තාන ‘ඒ’ ක්‍රිකට් කණ්‌ඩායම හා ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්‌ඩායම අතර පැවැති දෙවන නිළ නොවන සිව්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 327 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස පාකිස්‌තාන කණ්‌ඩායම සියල්ල දැවී ලකුණු 333 ක් රැස්‌කර ගත්තේය. නැවතත් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්වන දිනය නිමාවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් රැස්‌කරගෙන සිටියේය.
එහිදී ශ්‍රී ලංකා ඉනිම ශක්‌තිමත් කළ උදාර ජයසුන්දර හා මාධව වර්ණපුර පිළිවෙලින් ලකුණු 92 ක් හා ලකුණු 80 ක් වශයෙන් රැස්‌කර ගත්තේය. පකිස්‌තානය වෙනුවෙන් ලකුණු 21 ක් තුළ කඩුලු 2 ක් බිඳහෙලීමට ඉමාඩ් වසීම්ට හැකි විය.
ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 327 යි.
පාකිස්‌තාන ඒ පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 333 යි.
ශ්‍රී ලංකා ඒ දෙවන ඉනිම පන්දුවාර 61.5 ක් තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 206 යි.(උදාර ජයසුන්දර 92, මාධව වර්ණපුර 80, අශාන් ප්‍රියංජන්(නොදැවී) 24, ඉමාඩ් වසීම් 2/21)