මේ මස අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පාකිස්තාන “ඒ” පිල සමඟ වන තරග සඳහා ශ්‍රී ලංකා “ඒ’ එක්දින සහ ටෙස්ට් සංචිත දෙක පසුගියදා නම්කරනු ලැබීය.
එක්දින තරග 3කින් සහ සිවුදින නිල නොවන ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරග සංචාරය සඳහා නම් කොට ඇති මෙම සංචිත දෙක සඳහා නායකයකු නම් කොට නොමැති අතර, ශ්‍රී ලංකා ජාතික එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් මෙම සංචිත දෙක සඳහා නම් කොට ඇත.
එක්දින සංචිතය – ධනුෂ්ක ගුණතිලක (එස්.එස්.සී.), ධනංජය ද සිල්වා (වරාය අධිකාරිය), කුසල් ජනිත් පෙරේරා (කෝල්ට්ස්), ෂෙහාන් ජයසූරිය (කෝල්ට්ස්), අශාන් ප්‍රියංජන් (වරාය අධිකාරිය), කිත්රුවන් විතානගේ (ටැමිල් යූනියන්), මිලින්ද සිරිවර්ධන (බදුරලිය), අසේල ගුණරත්න (යුද හමුදාව), ළහිරු මධුසංක (බ්ලූම්ෆීල්ඩ්), තරිඳු කෞෂාල් (එන්.සී.සී.), ලක්ෂාන් සඳකැන් (සී.සී.සී.), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), දුෂ්මන්ත චමීර (එන්.සී.සී.), බිනුර ප්‍රනාන්දු (එස්.එස්.සී.), නිසල තාරක (ටුමිල් යූනියන්)
ටෙස්ට් සංචිතය – ධනංජය ද සිල්වා (වරාය අධිකාරිය), උදාර ජයසුන්දර (රාගම), මාධව වර්ණපුර (බ්ලූම්ෆීල්ඩ්), අශාන් ප්‍රියංජන් (වරාය අධිකාරිය), කිත්රුවන් විතානගේ (ටැමිල් යූනියන්), රොෂේන් සිල්වා (කෝල්ට්ස්), කුසල් ජනිත් පෙරේරා (කෝල්ට්ස්), තරිඳු කෞෂාල් (එන්.සී.සී.), මලින්ද පුෂ්පකුමාර (වරාය අධිකාරිය), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), දුෂ්මන්ත චමීර (එන්.සී.සී.), විශ්ව ප්‍රනාන්දු (බ්ලූම්ෆීල්ඩ්), නිසල තාරක (ටුමිල් යූනියන්), කසුන් මධුසංක,(එස්.එස්.සී.), අසේල ගුණරත්න(යුද හමුදාව)