මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව කුමාර් සංගක්කාර තරග 4කදී ලකුණු 268ක් ලබා පෙරමුණට පැමිණ සිටී. මේ අතර වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින් 5 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත්ව සිටීමද විශේෂයකි.
1. කුමාර් සංගක්කාර – 268 (ශ්‍රී ලංකාව)
2. ක්‍රිස් ගේල් – 258 (බටහිර ඉන්දීය කොදෙව්)
3. ලහිරු තිරිමාන්න – 256 (ශ්‍රී ලංකාව)
4. තිලකරත්න ඩිල්ෂාන් – 229 (ශ්‍රී ලංකාව)
5. ශිඛර් ධාවන් – 224 (ඉන්දියාව)
6. ඒබී ඩිවිලියර්ස් – 217 (දකුණු අප්‍රිකාව)
7. ෂයිමාන් අන්වර් – 208 (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)
8. බ්‍රෙන්ඩන් මැකලම් – 207 (නවසීලන්තය)
9. ෂෝන් විලියම්ස් – 193 (සිම්බාබ්වේ)
10. මාලන් සැමුවෙල්ස් – 192 (බටහිර ඉන්දීය කොදෙව්)
මේ අතර ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන් ඉරියව් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබේ.මීට පෙර පළමු ස්ථානයේ පසු වූයේ, බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් ය.