යුධ හමුදා ක්‍රීඩිකාවෝ ශූරතාව දිනති

132

යුධ හමුදා දැල් රකින්නිය, අයෝමි විජේරත්නගේ දක්ශ දැල් ‍රැකීම හේතුවෙන් යුධ හමුදා කණ්ඩායමට කාගිල්ස් කාන්තා අන්තර් සමාජ පාපන්දු ශුරතාව හිමිකර ගැනීමට හැකිවිය. 

නියමිත කාලය නිමවනවිට දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් තරගය දඩුවම් පහර මගින් තීරණය කිරීමට සිදුවිය.

එහිදී නාවික හමුදාවේ අටවන දඩුවම් පහර ව්‍යක්ත කිරීමත් සමග යුධ හමුද ක්‍රීඩිකාවන්ට ගෝල 8-7 ජයක් නාවික හමුදා ක්‍රීඩිකාවන්ට එරෙහිව ලබාගැනීමට හැකිවිය.

අවසන් තරගයේ දක්ශතම දැල්රකින්නිය ලෙස අයෝමි විජේරත්න හා දක්ශතම ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාවේ ප්‍රවීනා මදුකි ත්‍යාග ලබාගත්තේය.

අර්ධ අවසන් තරගවලදි යුධ හමුදා ක්‍රීඩිකාවෝ 4-2 ලෙස කුරුණැගල ලියෝ කණ්ඩායමද, 2-1 ලෙස නාවික හමුදාව පොලිස් ක්‍රීඩා සමාජයද පරාජය කරන ලදි.

පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කල කුරුණැගල ලියෝ ක්‍රීඩිකාවෝ තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත්තේය.