2011 ලෝක කුසලාන තරගාවලිය පාවා දුන්නා ද? හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් අද (18) සිදු කර තිබේ.
2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අතර එම තරගයේ දී මෙලෙස තරග පාවාදීමක් සිදු වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවේ අඛණ්ඩතාව පිළිබඳව නැවත වරක් ප්‍රශ්න කරන ලදි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවරට
මහේල ජයවර්ධන වාර්තා කළ ශතකය සහ තිලකරත්න ඩිල්ෂාන් සමඟින් නායක කුමාර් සංගක්කාර ගොඩනැගූ ඉනිම සමඟින් ශ්‍රී ලංකාව අවසන් තරගයේ දී වන්කඩේ ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව 274ක් බවට පත්කළේය.
ලකුණු 275ක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු ද්විත්වය වූ සචින් තෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර සෙවාග් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් විය. කෙසේ වෙතත් ගෞතම් ගාම්භීර් වාර්තා කළ ලකුණු 97 සහ එම්. එස්. දෝනි නොදැවී වාර්තා කළ ලකුණු 91 සමඟින් කඩුලු 4ක් පමණක් දැවී ගොස් තම ඉලක්කය පසුකර යාමට ඉන්දියාව සමත් විය.
හිටපු ක්‍රීඩා ඇමතිවරයාට තම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් හෙළි කිරීමට නොහැකි වූ අතර ඔහු කියා සිටියේ තම චෝදනාවල සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවයි. තරගය පාවා දීම සඳහා ඇතැම් කණ්ඩායම් සම්බන්ධ වී ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට කැළලක් ඇති වන බැවින් ඒ පිළිබඳව වැඩිදුර ප්‍රකාශ කිරීමට තමන් කැමති නැති බව ද පැවසීය.
“2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය මුදලට පාවා දුන්නා. මම කියන දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා. එය සිදු වූයේ මා ක්‍රීඩා ඇමතිව සිටිය දී. මම එය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, රට වෙනුවෙන් තොරතුරු හෙළිදරව් කිරීමට මා කැමති නැහැ. මෙම තරගය 2011 දී ඉන්දියාවට එරෙහිව පැවැත්වුනේ.” අලුත්ගමගේ මහතා සිරස TV වෙත පැවසීය.
“මට මේ ගැන විවාදයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ජනතාව ඒ ගැන සැලකිලිමත් වෙනවා. මම මේ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් සම්බන්ධ කරන්නේ නෑ. නමුත් සමහර පාර්ශව අනිවාර්යයෙන්ම මේ තරගය පාවා දීමට සම්බන්ධ වී සිටියා.”
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, අලුත්ගමගේගේ අදහස්වලට ඉක්මන් ප්‍රතිචාර දක්වා සිටි අතර එවැනි යමක් සිදු වූයේ නම් ඒ සඳහා සාක්ෂි ඉල්ලා සිටියේය.
“මැතිවරණය ළඟයි ද? සර්කස් ආරම්භ වී ඇති බව පෙනෙනවා. නම් සහ සාක්ෂි ඉදිරිපත් කරන්න.” මහේල ජයවර්ධන Twitter වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
Is the elections around the corner ?Looks like the circus has started ? names and evidence? #SLpolitics #ICC https://t.co/bA4FxdqXhu
— Mahela Jayawardena (@MahelaJay) June 18, 2020
එවකට ශ්‍රී ලංකා නායකයා වූ කුමාර් සංගක්කාර ද මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සාක්ෂි ඉල්ලා සිටියේය. “එවිට කිසිවෙකුට අනුමාන කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ. මෙහි සත්‍ය කතාවම වටහාගන්න පුළුවන්. එය වඩාත්ම සුදුසු හා ඥානාන්විත ක්‍රියාමාර්ගය වේවි.” සංගක්කාර සිරස ප්‍රවෘත්ති වෙත පැවසීය.
මහින්දානන්ද අමාත්‍යවරයා මෙම එල්ල කරන චෝදනාවන් සාක්ෂි සහිතව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට හා එහි දූෂණ මර්ධන ඒකකයට ඉදිරිපත් කළ යුතු බව ද සංගක්කාර සිය ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර ඇත.
1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ද මීට පෙර මෙම පරාජය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.
“අපි පරාජයට පත් වූ විට, මම දුක් වුනා. මට සැකයක් තිබුණා,” ඔහු 2017 ජූලි මාසයේ දී පැවසීය.
“2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අප විමර්ශනය කළ යුතුයි.”
“මට දැන් සියල්ල හෙළි කරන්න බෑ. නමුත් යම් දවසක මම හෙලි කරනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි” රණතුංග තවදුරටත් පැවසීය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කිහිපය තුළ නිරන්තරයෙන් දූෂණ ආරවුල්වලට සම්බන්ධ වී ඇත. මේ මස මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වමින් පැහැදිලි කළේ වත්මන් හිටපු ක්‍රීඩකයන් 3 දෙනෙකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පරීක්ෂණ පවත්වන බවයි.
ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ජුනි මස දෙවැනි දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක දී ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විමර්ශනය කරමින් සිටින බව පවසා සිටියා.
පසුගිය වසරේ දී, තරග පාවාදීම සඳහා දැඩි නීති හඳුන්වා දුන් සහ ක්‍රීඩා ඔට්ටු දැමීමේ සීමා දැඩි කළ පළමු දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්විය.
ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ ගිවිසුමකට
හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දිල්හාර ලොකුහෙටිගේ හට එල්ල වූ T10 ලීගයට අදාළ දූෂණ චෝදනා හේතුවෙන් 2018 දී තරග තහනමක් පනවන ලදි. හිටපු නායක හා හිටපු ප්‍රධාන තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සහ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තරග තහනමකට ලක් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ චෝදනා ලැබූ තුන්වැනි ශ්‍රී ලාංකිකයා දිල්හාර ලොකුහෙට්ටිගේ විය. තරග පාවාදීමේ පරීක්ෂණයකට සහයෝගය දැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජයසූරිය වැරදිකරු වූ අතර ඔහුට වසර දෙකක තහනමක් පැනවීය. තරග පාවා දීම නිසා සොයිසා හට ද තරග තහනමක් පැනවිනි.
මේ සම්බන්ධයෙන් ඔබ දරණ අදහස කුමක්ද? පහළින් Comment කරන්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<