IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 19ක්

IPL 2025

114

2025 IPL තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව අද (15) ප්‍රකාශයට පත් කළා. 

එළඹෙන නොවැම්බර් 24 සහ 25 යන දින දෙකේ දී සෞදි අරාබියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙවර ක්‍රීඩකයින් 574 දෙනෙකුගේ නම් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, 208 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වනවා. 

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු කණ්ඩායම්වලට තෝරා ගැනීමට නියමිත අතර, ඉන් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් ලෙස කණ්ඩායම්වලට එක් වනු ඇති. 

මෙම ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 19 දෙනෙකු ද ඇතුළත් වී තිබෙනවා. ඔවුන් අතරින් ඉහළම මූලික වටිනාකමක් හිමි වී ඇත්තේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දෙදෙනාට (ඉන්දීය රුපියල් ලක්ෂ 200) වන අතර, තවත් ක්‍රීඩකයින් රැසක් ලක්ෂ 75 වටිනාකමේ රැඳී සිටිනවා. 

ක්‍රීඩක වෙන්දේසියට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්; 

  • ඉන්දීය රුපියල් ලක්ෂ 200  
  1. වනිදු හසරංග  
  2. මහීෂ් තීක්ෂ්ණ  
  • ඉන්දීය රුපියල් ලක්ෂ 75 
  1. විජයකාන්ත් වියස්කාන්ත්  
  2. කුසල් මෙන්ඩිස්  
  3. කුසල් ජනිත් පෙරේරා  
  4. නුවන් තුෂාර  
  5. භානුක රාජපක්ෂ  
  6. ජෙෆ්‍රි වැන්ඩසේ  
  7. පැතුම් නිස්සංක  
  8. දුෂ්මන්ත චමීර  
  9. කමිදු මෙන්ඩිස්  
  10. දුනිත් වෙල්ලාලගේ  
  11. චරිත් අසලංක  
  12. ඩිල්ශාන් මධුශංක  
  13. දුෂාන් හේමන්ත  
  14. දසුන් ශානක  
  15. ලහිරු කුමාර  
  • ඉන්දීය රුපියල් ලක්ෂ 30 
  1. ඒශාන් මාලිංග  
  2. දුමිදු සෙව්මිණ  

ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<