නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් යුත් ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි වී ඇති අතර, නිමා වූ එංගලන්ත තරගාවලියට සහභාගී වූ නිශාන් මදුශ්ක මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.
ඒ වෙනුවට ඕෂධ ප්රනාන්දු සංචිතයට කැඳවා ඇති අතර, දඟ පන්දුව ශක්තිමත් කිරීම සඳහා ප්රභාත් ජයසූරියට අමතරව රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට එක් කර තිබෙනවා.
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
- එංගලන්ත නායකයාට ශ්රී ලංකා තරගාවලිය අහිමි වෙයි
ශ්රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේයි:
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්රම, ඕෂධ ප්රනාන්දු, අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු, ලහිරු කුමාර, ප්රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ සහ මිලාන් රත්නායක
දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 18 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<