පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැත්වුණු 14 වැනි රන් සිංහයන්ගේ සටන එක්දින තරගයෙන් ලකුණු 09ක තියුණු ජයක් ලබා ගැනීමට මාතර රාහුල විද්‍යාලය ඊයේ (30) සමත් වුනා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය විසින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 186ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී නැවතත් පිත්තෙන් සාර්ථක වූ ප්‍රවීන් රන්හිරු ලකුණු 43ක් ලබාගන්නා අතරේ, මෙනූෂ පබසර ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී රාහුල විද්‍යාලය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඔෂාන් තෙනුක ලකුණු 23කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
ධර්මපාල විද්‍යාලයෙන් ලද ලකුණු 187ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි රාහුල විද්‍යාලය පන්දුවාර 46 පන්දු 2ක් තුළ කඩුලු 08ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ මොහොතේ අඩු ආලෝක තත්වය මත තරගය නතර කිරීමට සිදු වූ අතර, DLS න්‍යාය යටතේ රාහුල විද්‍යාලය අදාළ ඉලක්කයට වඩා ලකුණු 09ක් ඉදිරියෙන් පසු වීම නිසා ඔවුන්ට තරගයේ ජය හිමි වුනා.
මෙහි දී මාතර රාහුල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගිය සසිනු බත්තගේ විසින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූ අතර, ආයු කවිරාජ්ගේ පිත්තෙන් ලකුණු 31ක් ලබා වාර්තා වුනා. එමෙන්ම නායක සදෙව් ගමගේ ලකුණු 24කින් ඉනිමට දායක වුනා.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<