13 වැනි අසියානු දැල්පන්දු ශූරතාවලියේ සිය දෙවැනි තරගයෙන් දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (19) සමත් වුනා.
පිලිපීනයට එරෙහිව විශිෂ්ට ජයක් ලබමින් සෞදි අරාබිය සමඟ දෙවැනි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් තරගයේ පළමු කාර්තුවේ පටන් ම සිය ආධිපත්‍යය රැක ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වුනා.
පළමු කාර්තිවේ දී ලකුණු 27ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, සෞදි ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 02ක් පමණයි. දෙවැනි කාර්තුවේ දී සෞදි ක්‍රීඩිකාවන්ට එකඳු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාව ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුනා.
- 2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ බලාපොරොත්තු
- සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!
- ශ්‍රී ලංකාවෙන් වේල්සයට ප්‍රබල අභියෝගයක්
- හයිඩ්රාමණී ශ්‍රී ලංකා දැල්පන්දුව සමඟ අත්වැල් බැඳ ගනී!
- හොංකොං පරාජය කළ ශ්‍රී ලංකාව ආසියාවේ තෙවැනි තැනට!
තරගයේ තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව තවත් ලකුණු 32ක් ලබා ගන්නා අතරේ සෞදියෙන් වාර්තා වුනේ එක් ලකුණක් පමණයි. තරගයේ සිව්වැනි සහ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සෞදියට ලකුණු 2ක් පමණක් ලබා දෙමින් තවත් ලකුණු 27ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව 118 – 05 සෞදි අරාබිය
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත තෙවැනි තරගය අද (20) ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<