13 වැනි අසියානු දැල්පන්දු ශූරතාවලියේ තමන් සහභාගී වූ මූලික වටයේ අවසන් තරගයෙන් ද ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් අපරාජිතව තරගාවලියේ ඉදිරි වටයට යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුනා.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හය වැනි තරගය ලෙස අද ඔවුන් මාලදිවයින සමඟ තරග බිමට පිවිසුණා.
තරගයේ පළමු කාර්තුවේ පටන් ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුපුරුදු පරිදි පෙරමුණ ලබමින් ක්‍රීඩා කිරීමට සමත් වුනා. පළමු කාර්තුව තුළ ඔවුන් ලකුණු 18ක් ද, දෙවැනි කාර්තුව තුළ ඔවුන් තවත් ලකුණු 25ක් ද ලබමින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් පළමු අර්ධය තුළ මාලදිවයින් ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 13ක් (7ක් සහ 6ක්) පමණයි.
- 2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ බලාපොරොත්තු
- ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක්
- සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!
- දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවමත් ජීවමානයි
- ශ්‍රී ලංකාවෙන් වේල්සයට ප්‍රබල අභියෝගයක්
තරගයේ තෙවැනි කාර්තුවත් ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් නිමා කළේ ලකුණු 21ක් ලබමිනුයි. මෙම කාල සීමාව තුළ මාලදිවයින් ක්‍රීඩිකාවන් ලකුණු 11ක් ලබා ගැනීමට සමත් වුනත්, එය කිසිඳු ආකාරයකින් ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල කළේ නැහැ.
තරගයේ සිව්වැනි සහ අවසන් කාර්තුව ද ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ලකුණු 16-8ක් ලෙසයි.
- ශ්‍රී ලංකාව 80 – 32 මාලදිවයින
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<