13 වැනි අසියානු දැල්පන්දු ශූරතාවලියේ සිය තෙවැනි තරගයෙන් ඉන්දියාවට එරෙහිව පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (20) සමත් වුනා.
තරගාවලියේ පළමු තරග ද්විත්වය ම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමින් මෙම තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් පළමු කාර්තුව තුළ ලකුණු 18ක් ලබා ගනිද්දී, ඉන්දියානු ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 09ක් පමණයි.
දෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකාව තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙවර පෙරටත් වඩා දුර්වල වූ ඉන්දියාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.
- 2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ බලාපොරොත්තු
- ක්‍රීඩා සංගම් කිහිපයකට අමාත්‍යවරයාගෙන් තහනමක්
- සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!
- දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවමත් ජීවමානයි
- ශ්‍රී ලංකාවෙන් වේල්සයට ප්‍රබල අභියෝගයක්
තරගයේ තෙවැනි කාර්තුව තුළ ද ඉන්දියානු ක්‍රීඩිකාවන්ට ඉදිරියට ඒමට කිසිඳු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනේ ඉන්දියානු ක්‍රීඩිකාවන් ලකුණු 09ක් ලබා ගන්නා අතරවාරයේ දියි.
මින් පසුව ක්‍රියාත්මක වූ සිව්වැනි කාර්තුව තුළ ශ්‍රී ලංකාව තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන්දියාවට ලකුණු 10කින් පමණක් සෑහීමකට පත් වීමට සිදු වුනා.
- ශ්‍රී ලංකාව 81 – 31 ඉන්දියාව
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන අඟහරුවාදා (22) ජපානය සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<