13 වැනි අසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් පූර්ව තරගයෙන් හොංග් කොංග් කණ්ඩායමට එරෙහිව පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (26) සමත් වුනා.
අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද දිනයේ දී හොංග් කොංග් කණ්ඩායම සමඟ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සිදු වූ අතර, තරගයේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාව ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, හොංග් කොංග් ක්‍රීඩිකාවන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 09ක් පමණයි.
තරගයේ දෙවැනි කාර්තුව තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 12ක් ලබා දුන් ශ්‍රී ලංකාව තමන් වෙනුවෙන් ලකුණු 19ක් එකතු කර ගැනීමට සමත් වුනා.
- 2024 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා දැල්පන්දුවේ බලාපොරොත්තු
- සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!
- ශ්‍රී ලංකාවෙන් වේල්සයට ප්රබල අභියෝගයක්
- හයිඩ්රාමණී ශ්‍රී ලංකා දැල්පන්දුව සමඟ අත්වැල් බැඳ ගනී!
- හොංකොං පරාජය කළ ශ්‍රී ලංකාව ආසියාවේ තෙවැනි තැනට!
තරගයේ තෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් තවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, හොංග් කොංග් පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 09ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ සිව්වැනි සහ අවසන් කාර්තුව තුළ හොංග් කොංග් ක්‍රීඩිකාවන් තරගයට වඩාත් හොඳින් අවතීර්ණ වෙමින් ලකුණු 17ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාව ලකුණු 14ක් ලබා ගන්නා අතරේයි.
නමුත් එය ඔවුන්ට තරගයේ ජයග්‍රහණය කරා යාමට හේතුවක් වුනේ නැහැ.
- ශ්‍රී ලංකාව 71– 47 හොංග් කොංග්
මේ අනුව නොකඩවා 07 වැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වූ අතර, මෙය ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් 11 වැනි අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.
මේ අතර අද පැවැත්වුණු අනෙක් අවසන් පූර්ව තරගයේ දී මැලේසියාව පරාජය කළ සිංගප්පූරුව හෙට (27) ශ්‍රී ලංකාව සමඟින් ශූරතාව වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.