රුහුණු නිල් මහා සටනේ වැඩි වාසි සර්වේශස් විද්‍යාලයට

125th Battle Of The Blues Ruhuna

24

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර පැවැත්වෙන 125 වැනි රුහුණු නිල් මහා සටන තෙදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (05) ක්‍රියාත්මක වුනා. 

තරගයේ පළමු දිනය තුළ සිය පළමු ඉනිම දියත් කළ සාන්ත සර්වේශස් ක්‍රීඩකයින් ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වූ අතර, අද දිනයේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණා. 

මෙහි දී ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 124ක් පමණයි. මේ වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා ලෙස නායක පෙසඳු සන්ජන් ලකුණු 46ක් ඉනිමට එක් කිරීමට සමත් වූ අතර, ඔචින්ත චාමිකගේ පිත්තෙන් ලකුණු 30ක් ඉනිමට එක් වුනා. 

සාන්ත තෝමස් ඉනිම අඩපණ කිරීමේ වගකීම අකුරට ඉටු කළ විරාන් චමුදිත විසින් ලකුණු 33කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර, චලන ඉන්දූශ සහ සමිරු ගිම්හාන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

සාන්ත තෝමසුවන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු 45ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කල සර්වේශස් ක්‍රීඩකයින් ඊයේ දිනය නිමාවන තෙක් පිටියේ රැඳී සිටිමින් කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් නායක විශ්ව සුපුන් නොදැවී ලබා ගත් ලකුණු 63 ඉනිමේ මේ දක්වා ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වුනා. 

සාන්ත තෝමසුවන් වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ නායක පෙසඳු කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. 

මේ වන විට සාන්ත සර්වේශස් විද්‍යාලය විසින් සාන්ත තෝමස් විද්‍යාලයට වඩා ලකුණු 198ක් ඉදිරියෙන් පසුවන අතර, අද (06) තරගයේ තෙවැනි සහ අවසන් දිනය ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. 

පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<