රුහුණු නිල් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

125th Battle Of The Blues Ruhuna

21

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර පැවැත්වෙන 125 වැනි රුහුණු නිල් මහා සටන තෙදින ක්‍රිකට් තරගය ඊයේ (06) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා. 

තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි සාන්ත සර්වේශස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

තරගයේ තෙවැනි දිනය තුළ ඔවුන් සිය ලකුණු සංඛ්‍යාව 218ක් දක්වා ඉදිරියට රැගෙන යාමට සමත් වුනා. 

මෙහි දී නායක විශ්ව සුපුන් ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වූ අතර, රවීන් කවින්ත ලකුණු 47කින් ඉනිමට දායක වුනා. 

මේ අතර සාන්ත තෝමසුවන් වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ පෙසඳු සන්ජන් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. 

මේ අනුව තරගයේ අවසන් දිනයේ දී සාන්ත තෝමස් විද්‍යාලයට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 264ක ඉලක්කයක් හිමි වුනා. 

මෙම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු තෝමසුවන් විසින් දිනය නිමා වන තෙක් පිතිකරණයේ නියැළෙමින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

ඒ වන විට තෝමසුවන්ගේ කඩුලු 5ක් දැවී ගොස් තිබූ අතර, ඉන් කඩුලු 3ක්ම රවීන් කවින්ත සතු වුනා. 

පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<