මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර පැවැත්වෙන 125 වැනි රුහුණු නිල් මහා සටන තෙදින ක්‍රිකට් තරගය ඊයේ මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් නායකයාගේ ආරාධනයෙන් සර්වේශස් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම ආරම්භ කළ අතර, එහි දී ඔවුන් දිනය නිමා වන විට සියලු දෙනා දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මෙහි දී සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා ලෙස රවීන් කවින්ත ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර, චමෝද් මිහිරංග ලකුණු 29ක් ලබා ගනිමින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා.
මෙහි දී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ පෙසඳු සන්ජන් කඩුලු 3ක් දවා ගන්නා අතරේ, විහඟ සංකලන කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි දිනය අද (05) ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා අද පිටියට පිවිසීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<