ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 120 වැනි ආදරවන්තයින්ගේ සටන ඊයේ (05) ජය පැරදුමකින් තොරව නිමාවට පත් වුනා.
මෙම තරගයේ දෙවැනි දිනය නිමා වන විට මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 217 හඹා යමින් සිටි රිච්මන්ඩ් ක්‍රීඩකයින් කඩුලු 08ක් දැවී ලකුණු 144ක් ලබා තරමක් අසීරු තත්වයකට පත් වී සිටියා.
කෙසේ වෙතත් ඉනිමේ 09 වැනි කඩුල්ල වෙනුවෙන් බෙවින් ජයවර්ධන සහ පුබුදු මිහිරංග විසින් පිහිටවනු ලැබූ ලකුණු 94ක සබඳතාව නිසා රිච්මන්ඩ් ක්‍රීඩකයින් විසින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 227ක් ලබා ගැනීමට සමත් වුනේ තරගයේ පළමු ඉනිමේ ජය තහවුරු කර ගනිමිනුයි.
මේ වෙනුවෙන් පුබුදුගේ පිත්තෙන් ලකුණු 47ක් එක් වූ අතර, බෙවින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනා.
මහින්ද විද්‍යාලය වෙනුවෙන් නායක කවීන් රුක්ශාන් කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා අතරට පිවිසුණා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
රිච්මන්ඩ් ක්‍රීඩකයින් පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 10ක ඉදිරියෙන් පසුව මහින්ද විද්‍යාලය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එහි දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 147ක් ලබා ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
මෙහි දී මහින්ද ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දුල්සිත් දර්ශන ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් තමිඳු ප්‍රදීප්ත කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
මින් අනතුරුව රිච්මන්ඩ් විද්‍යාලය සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසුණු අතර, දිනය නිමා වන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා සිටියා.
මේ අනුව 120 වැනි ආදරවතයින්ගේ සටන ජය පැරදුමකින් තොරව නිමාවට පත් වුනා.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thevindu Rashmika | c Bevin Jayawardana b Malith De Silva | 30 | 57 | 6 | 0 | 52.63 |
Dulsith Darshana | b Yuri koththigoda | 7 | 38 | 1 | 0 | 18.42 |
Randula Mabarana | run out (Thamindu Pradeeptha) | 38 | 67 | 7 | 0 | 56.72 |
Sehas Walpita | c Bevin Jayawardana b Malith De Silva | 3 | 4 | 0 | 0 | 75.00 |
Kaveen Rukshan | run out (Shehan Madushanka) | 49 | 132 | 4 | 0 | 37.12 |
Senuka Dangamuwa | c Bevin Jayawardana b Nethuja Basitha | 58 | 67 | 7 | 1 | 86.57 |
Manitha Rajapakshe | c Tenusha Nimsara b Pubudu Mihiranga | 5 | 15 | 1 | 0 | 33.33 |
Sahanjith Samadith | c Nethsara Akash b Pubudu Mihiranga | 7 | 17 | 0 | 0 | 41.18 |
Arosha Udayanga | lbw b Yuri koththigoda | 5 | 31 | 1 | 0 | 16.13 |
Thiyon Helika | c Nikil Jayaweera b Pubudu Mihiranga | 0 | 4 | 0 | 0 | 0.00 |
Sadew Nethmina | not out | 1 | 10 | 0 | 0 | 10.00 |
Extras | 14 (b 3 , lb 5 , nb 1, w 5, pen 0) |
Total | 217/10 (73.4 Overs, RR: 2.95) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Malith De Silva | 19.3 | 5 | 61 | 2 | 3.16 | |
Yuri koththigoda | 14.4 | 1 | 45 | 2 | 3.12 | |
Shehan Madushanka | 6.3 | 2 | 20 | 0 | 3.17 | |
Pubudu Mihiranga | 17 | 6 | 33 | 3 | 1.94 | |
Nethuja Basitha | 11 | 3 | 33 | 1 | 3.00 | |
Tenusha Nimsara | 4 | 0 | 16 | 0 | 4.00 | |
Thamindu Pradeeptha | 1 | 0 | 1 | 0 | 1.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nikil Jayaweera | c Randula Mabarana b Kaveen Rukshan | 45 | 101 | 5 | 0 | 44.55 |
Helith Edirisinghe | lbw b Thiyon Helika | 5 | 15 | 1 | 0 | 33.33 |
Tenusha Nimsara | c Senuka Dangamuwa b Sadew Nethmina | 20 | 91 | 2 | 0 | 21.98 |
Thamindu Pradeeptha | c Sehas Walpita b Sadew Nethmina | 22 | 67 | 2 | 0 | 32.84 |
Ravindu Randinu | lbw b Senuka Dangamuwa | 1 | 23 | 0 | 0 | 4.35 |
Shehan Madushanka | c Senuka Dangamuwa b Kaveen Rukshan | 1 | 3 | 0 | 0 | 33.33 |
Yuri koththigoda | c Randula Mabarana b Kaveen Rukshan | 3 | 6 | 0 | 0 | 50.00 |
Nethuja Basitha | c Sadew Nethmina b Kaveen Rukshan | 1 | 6 | 0 | 0 | 16.67 |
Bevin Jayawardana | not out | 52 | 189 | 6 | 0 | 27.51 |
Pubudu Mihiranga | c Randula Mabarana b Sahanjith Samadith | 47 | 198 | 2 | 0 | 23.74 |
Malith Mihiranga | not out | 11 | 12 | 1 | 1 | 91.67 |
Extras | 19 (b 5 , lb 3 , nb 7, w 4, pen 0) |
Total | 227/9 (117.2 Overs, RR: 1.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sadew Nethmina | 13 | 6 | 24 | 2 | 1.85 | |
Thiyon Helika | 12 | 1 | 39 | 1 | 3.25 | |
Arosha Udayanga | 11 | 3 | 15 | 0 | 1.36 | |
Sahanjith Samadith | 16 | 11 | 9 | 1 | 0.56 | |
Kaveen Rukshan | 31.2 | 7 | 70 | 4 | 2.24 | |
Senuka Dangamuwa | 17 | 6 | 31 | 1 | 1.82 | |
Manitha Rajapakshe | 15 | 2 | 24 | 0 | 1.60 | |
Sehas Walpita | 2 | 0 | 7 | 0 | 3.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thevindu Rashmika | c Bevin Jayawardana b Malith Mihiranga | 0 | 10 | 0 | 0 | 0.00 |
Dulsith Darshana | c Yuri koththigoda b Thamindu Pradeeptha | 82 | 131 | 9 | 1 | 62.60 |
Randula Mabarana | lbw b Pubudu Mihiranga | 19 | 47 | 3 | 0 | 40.43 |
Senuka Dangamuwa | c Nikil Jayaweera b Thamindu Pradeeptha | 35 | 41 | 4 | 1 | 85.37 |
Sehas Walpita | b Thamindu Pradeeptha | 0 | 1 | 0 | 0 | 0.00 |
Arosha Udayanga | not out | 4 | 15 | 0 | 0 | 26.67 |
Sahanjith Samadith | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0) |
Total | 147/5 (41 Overs, RR: 3.59) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Malith Mihiranga | 10 | 2 | 29 | 1 | 2.90 | |
Thamindu Pradeeptha | 5 | 1 | 10 | 3 | 2.00 | |
Yuri koththigoda | 9 | 0 | 30 | 0 | 3.33 | |
Nethuja Basitha | 8 | 3 | 26 | 0 | 3.25 | |
Pubudu Mihiranga | 9 | 0 | 49 | 1 | 5.44 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nikil Jayaweera | not out | 4 | 11 | 0 | 0 | 36.36 |
Helith Edirisinghe | c & b Kaveen Rukshan | 0 | 2 | 0 | 0 | 0.00 |
Shehan Madushanka | not out | 17 | 11 | 3 | 0 | 154.55 |
Extras | 2 (b 2 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 23/1 (4 Overs, RR: 5.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kaveen Rukshan | 2 | 0 | 13 | 1 | 6.50 | |
Senuka Dangamuwa | 2 | 0 | 8 | 0 | 4.00 |