12 වැනි ලෝක පාසල් පිහිනුම් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. එම සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත්ව ඇත. මෙම පාසල් පිහිනුම් තරගාවලිය බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නුවර දී මැයි මස 18 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.
ටයිගර් වුඩ්ස් හට ඉහළම ඇමරිකානු ගෞරවය
ඇමරිකානු පුරවැසියෙකුට ලද හැකි ඉහළම ගෞරව පදක්කම වන “ජනාධිපති නිදහස් පදක්කම” සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් හට…
ලෝක පාසල් පිහිනුම් තරගාවලිය 1997 වසරේ ආරම්භ වූ අතර ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා සම්මේලනය (ISF) විසින් එය සංවිධානය කරන ලදි. තරගාවලි 3කින් අනතුරුව මෙම ලෝක පාසල් තරගාවලිය නිල තරගාවලියක් ලෙස විසින් තම දින දර්ශනයට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා සම්මේලනය පියවර ගත්හ. අවසන් වරට 2017 වසරේ දී මෙම තරගාවලිය හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී පැවැත්විය. එයට ලෝක පිහිනුම් සම්මේලනය නියෝජනය කරන රටවල් 17කින් කණ්ඩායම් 47ක් සහභාගි විය.
ජාත්‍යන්තර පාසල් ක්‍රීඩා සම්මේලනයේ විධායක මණ්ඩලය විසින් මෙවර තරගාවලිය පැවැත්වීමට බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ තෝරාගෙන ඇත. වයස අවුරුදු 15ත් -18ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම තරගාවලිය විවෘත වේ.
මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම තෝරාගැනීමේ තරග පැවති අතර එක් එක් ඉසව්වල දී උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත්ව ඇත. මෙය 2019 වසරේ ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව ද වේ.
කොළඹ, මහනුවර හා මීගමුව නගර නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත්ව සිටී. මෙම සංචිතය සඳහා කොළඹ විශාඛා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 3 දෙනෙක් ද, කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් ද, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ද ඇතුළත්ව ඇත.
2019 ලෝක පාසල් පිහිනුම් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය
- ස්ටෙෆාන් පෙරේරා (ගේට්වේ විද්‍යාලය)
- සංදේව් සේනාරත්න (කොළඹ ආනන්ද විද්‍යාලය)
- සංතුස මල්ලවතන්ත්‍රි (කොළඹ ආනන්ද විද්‍යාලය)
- ශේවින්ද ද සිල්වා (කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය)
- පි අරුක්ශාන් (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය)
- ප්‍රමේශ් කුරේ (බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය)
- ගංගා සෙනෙවිරත්න (කොළඹ විසාකා විද්‍යාලය)
- දේවින්ද්‍යා ජයවර්ධන (මහනුවර මහමායා බාලිකා විද්‍යාලය)
- රමුදි සමරකෝන් (කොළඹ විසාකා විද්‍යාලය)
- සෙනේශි හේරත් (කොළඹ විසාකා විද්‍යාලය)
- ඔනෙත්‍රා වීරසිංහ (මහනුවර මහමායා බාලිකා විද්‍යාලය)
- ශෙනාලි වීරවංශ (ගේට්වේ විද්‍යාලය)
මැයි 18 වැනිදා ආරම්භ වන ලෝක පාසල් පිහිනුම් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ඒමට හැකි වේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු.
මෙම ලෝක පාසල් පිහිනුම් තරගාවලියේ තවත් විස්තර ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<