යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය අතර 118 වැනි වරට පැවැත්වෙන උතුරු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 27, 28 සහ මාර්තු මස 01 වැනි දිනවල යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
යාපනය අර්ධද්වීපයේ පැවැත්වෙන පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන මෙය මෙරට පැවැත්වෙන පැරණිතම මහා ක්‍රිකට් තරග අතර ලැයිස්තු ගත වෙන්නේ සිව් වැනි තරගය ලෙසයි.
1904 වසරේ දී පළමු වරට ඇරඹි මෙම තරගය අවස්ථා කිහිපයකදී ම විවිධ හේතූන් මත පවත්වා නොමැති අතර පැවැති තරග අතුරින් සාන්ත ජෝන්ස් විද්‍යාලය 39 වතාවක් ජයග්‍රහණය කර ඇති අතර යාපනය මධ්‍ය මහා විද්‍යාලය 29 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. අනෙක් තරග 49 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
තරග ඉතිහාසයේ ආසන්නත ම ජයග්‍රාහකයන් වන්නේ සාන්ත ජෝන් විද්‍යාලයයි. ඔවුන් Nesakumar Ebenezer Jezial ගේ නායකත්වයෙන් යුතුව නිමා වූ 2024 වසරේ දී ජයග්‍රහණය කරන ලද අතර යාපනය මධ්‍ය මහා විද්‍යාලය අවසන් වරට 2023 වසරේ දී K. Sabesan ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කරනවා.
මෙවර යාපනය මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන Ranjithkumar Newton විසින් මෙහයවනු ලබන අතර සාන්ත ජෝන්ස් විද්‍යාලය Jeyachandran Ashnath විසින් මෙහෙයවනු ලබනවා.
යාපනය මධ්‍ය මහා විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ 2 වැනි කොටසේ Tier B කාණ්ඩයෙන් තරග බිමට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙවර තරගයට එක් වෙන්නේ පසුගිය වසරේ අහිමි වූ කුසලානය ලබා ගැනීමේ අභිප්‍රායෙන්.
එම උත්සාහයේ දී ඔවුන්ගේ ප්‍රමුඛත ම ක්‍රීඩකයා වෙන්නේ කණ්ඩායමේ නායක Ranjithkumar Newton. ඔහු පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජිකයෙක්.
එම තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් අසාර්ථක වූ ඔහු පන්දු යවන්නෙක් ලෙසින් ඉනිම 4ක දී ලකුණු 78කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
මෙවර උතුරු සටනට එක් වෙන යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ උප නායකත්වය Thakuthas Abilash වෙත හිමි වෙනවා.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Ranjithkumar Newton (නායක), Thakuthas Abilash (උප නායක), Vigneshwaran Paruthy, Sathakaran Similton, Selvaraj Thison, Matheeswaran Karthigan, S. Niyanthan, N. Sajith, Kanesalinkam Mathusuthan, T. Venujan, R. Akshayan, Murali Thison, A. Abishek, Pathmakumaran Navinthan, A. Sharalan, S. Danushan U. Voltan, Jeyaseelan Jenoshan, V. Harish, S. Sarujan
නිලධාරීන්
- Indrakumar (විදුහල්පති), K. Balakumar (ක්‍රීඩා භාර ආචාර්ය), S. Manimaran (ක්‍රිකට් භාර ආචාර්ය) F. Kulendran Shelton (පුහුණුකරු)
- ජයවර්ධනපුර සටන විසඳුමක් නෑ
- තර්ස්ටන් විද්‍යාලය 07 වැනි වරටත් සහෝදර සටනේ ජය ලබයි!
- සහෝදර සටනේ දෙවැනි දිනයේ වැඩි වාසි තර්ස්ටන් විද්‍යාලයට
- සෙනුක සහ අරෝෂ මහින්ද විද්‍යාලය අවසන් තරගය වෙත රැගෙන යයි!
- 62 වැනි සංග්‍රාමයට සැරසෙන කොළඹ සහෝදරයෝ
සාන්ත ජෝන් විද්‍යාලය
පසුගිය වසරේ උතුරු සටන කුසලානය හිමිකර ගත් සාන්ත ජෝන් ක්‍රීඩකයෝ මෙවර ද දිනු කුසලානය රැක ගැනීම එක ම අරමුණ කර ගනිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ. එහි දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ Kugathas Mathulan හට පැවැරී ඇත්තේ වැඩි වගකීමක්.
ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින් නිමා වූ වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය හා එක් වූ ඔහු එම තරගාවලියේ දී කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
සාන්ත ජෝන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ නිමා වූ වසරේ පැවැති මහා ක්‍රිකට් තරගයේ හොඳම පන්දු රකින්නා ලෙසින් අභිශේක ලැබූ Jeyachandran Ashnath. කණ්ඩායමේ උප නායකත්වය Murfin Randyo වෙත හිමි ව තිබෙනවා.
සාන්ත ජෝන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Jeyachandran Ashnath (නායක), Murfin Randyo (උප නායක), Kugathas Mathulan, Uthayanan Abijoyshanth, S. John Nathenia, E. Vandat Mario, Satkunarajah Vinukshan, Raymond Anushanth, Sountharajan Aatharsh, Vijayaraja Sanjay, Yogaseelan Sarujan, Kirubaharan Sanjuthan, Dineshk Larun, Nageswaran Krishan, Gajanthan Methun, Sivashankar Kirshan, John Stafford Arnold, Rajkumar Nithursijan
නිලධාරීන්
- S. B. Thuseetharan (විදුහල්පති), C. A. Aravinthan (ක්‍රීඩා භාර ආචාර්ය) S. Thileepan (ක්‍රිකට් භාර ආචාර්ය), A. Sansajan (පුහුණුකරු)
118 වැනි උතුරු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<