මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර ටි. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 118 වැනි “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 04, 05 සහ 06 වැනි දින ත්‍රිත්වයේ දී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම තරගය මෙරට ආරම්භ වූ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතුරින් දෙවැනි වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සටනට පමණයි. අගනුවර නිල් මහා සටන 1879 වසරේ දී ආරම්භ කරන ලද අතර කන්ද උඩරට සුලෝහිත සටනේ ආරම්භය සටහන් වෙන්නේ 1893 වසරේදීයි.
කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ශතක සැපිරු වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් වූව ද මෙතෙක් මෙම තරගය දෙදින තරග ලෙසයි ක්‍රියාත්මක වූයේ. මෙය තුන් දින තරගයක් ලෙසින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
මෙවර තරගයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය තරගයට පිවිසෙන්නේ පෙර වසරේ දිනා ගත් සුලෝහිත කුසලානය ද අතැතිවයි. දුලාර බන්දුසේන ගේ නායකත්වයෙන් යුත් එම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් මේ දක්වා අවස්ථා 37ක දී සුලෝහිත කුසලානය තමන් සතු කර ගෙන තිබෙනවා.
කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ඉතිහාසයේ කිංග්ස්වුඩ් විද්‍යාලය දිනා ඇති තරග සංඛ්‍යාව 19ක්. ඔවුන් අවසන් වරට කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කරන්නේ 1958 වසරේ දී සී. එම්. ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේයි. ඒ අනුව ඔවුන්ට මෙතෙක් වසර 66කින් සුලෝහිත සංග්‍රාමයේ පහස විඳීමට හැකි වී නැහැ.
සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ මෙතෙක් පැවැති තරග අතුරින් තරග 61ක් නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.
සුලෝහිත සංග්‍රාම ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතුරින් ධර්මරාජ විද්‍යාලය නියෝජනය කළ චාමර කපුගෙදර, ලහිරු සමරකෝන්, සඳුන් වීරක්කොඩි, ටී. බී. කෙහෙල්ගමුව, මහින්ද පෙතියාගොඩ සහ අජිත් නාරම්පනාව වැන්නෝ ද කිංග්ස්වුඩ් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයන් අතර මෙවර වයස අවුරුදු 50න් ඉහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුවංජි මදනායක ද සිටිනවා.
කිංග්ස්වුඩ් විද්‍යාලය
කිංග්ස්වුඩ් කණ්ඩායම මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී දෙවැනි පෙළ Tier B කාණ්ඩයෙන් ක්‍රීඩා කරමින් Tier A කොටසට උසස් වීම ලද කණ්ඩායමයි.
කිංග්ස්වුඩ් නායක කවිජ ගමගේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වෙමින් නිමා වූ ආසියානු කුසලානයට ද සහභාගී වූ ක්‍රීඩකයෙක්. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000ක් සහ කඩුලු 90ක් ඉක්මවා දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
ඔහුගේ ලකුණු ලැයිස්තුවට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහි ව ලකුණු 214ක්, කෑගලු විද්‍යාලයට එරෙහි ව ලකුණු 161ක් සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහි ව ලකුණු 129ක් ඇතුලත් අතර ඊට අමතර ව තවත් අර්ධ ශතක 5ක් ද මේ අතරට එක් කිරීමට සමත් ව තිබෙනවා.
කඩුලු දවා ගැනීමේ දී කෑගලු විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ කඩුලු 8ක් ද සහ දෙවැනි ඉනිමේ දී කඩුලු 6ක් ද ලෙසින් තරගයේ දී කඩුලු 14ක් දවා ගනිමින් තරගය හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද අතර ඊට අමතර ව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව ද, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහි ව ද සහ කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව ද තරගයක දී කඩුලු 10කට වැඩි අවස්ථාවන් වාර්තා කළා.
ඔහුට අමතර කිංග්ස්වුඩ් කණ්ඩායමේ උප නායක නිකේශල නානායක්කාර මෙන් ම චනුල් කොඩිතුවක්කු ලකුණු 600 සීමාවන් පසු කරමින් දක්ෂතා දැක් වූ අතර ඔවුන්ට අමතර ව ආදිල් ශෙරීෆ් සහ යෝසත් අබේකෝන් ද දක්ෂ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා.
පන්දු යැවීමේ දී ආරම්භක වේග පන්දු යවන යෝසත් අබේකෝන් සහ වමතින් දඟ පන්දු යවන කෙනුල් පිහිලියන්ග, කවිජ ගමගේ ගේ ළඟ ම සහායකයන් දෙදෙනා වන අතර ඊට අමතර ව උපාධි ජයවර්ධන ද තරග වෙනස් කරන පන්දු යවන්නෙක් ලෙසින් සැලකෙනවා.
කිංග්ස්වුඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කවිජ ගමගේ (නායක), නිකේශල නානායක්කාර (උප නායක), පමුදිත බණ්ඩාර, සදීශ රත්නායක, චනුල් කොඩිතුවක්කු, උමන්ත කිත්සිරි, ඩොමින්සර පීරිස්, නදීශ බණ්ඩාරනායක, ඒශාන් අයෝධ්‍ය, ගයාන් තෙන්නකෝන්, උපාධි ජයවර්ධන, ගෞරංග බණ්ඩාර, යෝසත් අබේකෝන්, ආදිල් ශෙරිෆ්, රිස්වාන් රසාක්, කෙනුල පිහිළියංග, තේශාන් දගන්පොළ, හේෂාන් වීරසිංහ, ඩිල්ශාන් වීරවංශ, මනුල විජේතුංග.
එච්. එම්. ඩී. ඒ. හේරත් (විදුහල්පති), එම්. ඩබ්ලිව්. ජී. එල්. තිලකරත්න (ක්‍රීඩා භාර ආචාර්ය), ඉන්දික තෙන්නකොන් (ක්‍රිකට් භාර ආචාර්ය), එස්. පී. කේ. බස්නායක (ප්‍රධාන පුහුණුකරු), හිෂාර බණ්ඩාර (සහාය පුහුණුකරු), නෝමන් ජයකුමාර (සහාය පුහුණුකරු).
- රුහුණු – මායාවරුන්ගේ රන් සිංහ ගැටුම
- 12 වැනි ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
- තවත් අලුත් ක්‍රිකට් ලීගයක්?
- හිරුන් රාජකීයයන්ට ජය ගෙන එයි!
ධර්මරාජ විද්‍යාලය
මෙවර පාසල් තරගවාරයේ දී පළමු පෙළ Tier B තරගාවලිය නියෝජනය කළ ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වයේ වගකීම මෙවර වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ පුලිඳු පෙරේරා ට හිමි ව තිබෙනවා. ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන පුළිඳු පෙරේරා මෙවර පාසල් තරග සමයේ දී ලකුණු 900ක් ඉක්මවා ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ ඉනිම් අතරට ශතක 2ක් සහ අර්ධ ශතක 8ක් ඇතුලත්.
ඔහුට අමතර ව කණ්ඩායමේ තවත් විශ්වසනීය පිතිකරුවෙක් වන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ලක්වින් අබේසිංහ. ඔහු මෙවර තරග සමය අවසන් කරන්නේ ශතක 3ක් තම ගිණුමට එක් කර ගනිමිනුයි.
ඊට අමතර ව කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන් ම උප නායකයා ද වන ඉසුරු පන්නලගේ ලකුණු 600ක් ඉක්මවා ලබා ගනිමින් ධර්මපාල විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ විශ්වසනීය ස්ථානයක හිමි කරගෙන සිටිනවා.
පන්දු යවන්නන් අතුරින් කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා වී සිටින්නේ දක්ශික මනුකල්ප. ඔහු කඩුලු 40ක් ඉක්මවා ලබා ගෙන තිබෙනවා. ඊට අමතර ව නිසල අබේරත්න සහ ඔනිජ සේසත් ද ධර්මරාජ විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ බලඇණියේ ප්‍රධානීන් ලෙසින් සැලකෙනවා
ධර්මරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
පුළිඳු පෙරේරා (නායක), ඉසුරු පන්නල (උප නායක), සනුක රත්නායක, ඉරුෂ ජයවර්ධන, ලක්වින් අබේසිංහ, දක්ෂික මනුකල්ප, නිසල අබේරත්න, කවිඳු ගුණරත්න, ඔනිජ සේසත්, තරිඳු වර්ණකුලගේ, මෙත්සිලු බණ්ඩාර, සුමේධ ප්‍රසාද්, චනුත් ජයසිංහාරච්චි, කේශන ගුණවර්ධන, කාශ්‍යප දිසානායක, ගවේෂ් පූර්ණ, චානුක ලක්ශාන්. මතීෂ රූපසිංහ සහ ජයෝද්‍ය කඩිගව.
මහේෂ් කරුණාරත්න (විදුහල්පති), කපිල ඒකනායක (ක්‍රීඩා භාර ආචාර්ය), දමින්ද බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), සේනක දිසානායක (පුහුණුකරු).
දෙවිදුහල් අතර පැවැත්වෙන් 36 වැනි වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 19 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයට එක් වෙන ධර්මරාජ විද්‍යාලයීය සහ කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන් ThePapare 1, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<