මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර ටි. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 118 වැනි “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දවසේ (05) දී ද්විත්ව ශතක ද්විත්වයක් වාර්තා වුනා.
ධර්මරාජ විද්‍යාලයේ තරිඳු වර්ණකුලගේ සහ ලක්වින් අබේසිංහ එම දක්ෂතාව දැක් වූවා. ඔවුන් දෙදෙනා තරගයේ පළමු දිනය නිමා වෙද්දී නොදැවී ශතක ලබා සිටි අතර ඔවුන් තරගයේ 2 වැනි දිනයේ දී තමන්ගේ ඉනිම් ද්විත්ව ශතක කරා නොදැවී රැගෙන යෑමට සමත් වෙනවා. එහි දී ඔවුන් 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 410ක දී නොදැවුණ ලකුණු 410ක සබඳතාවක් තම කණ්ඩායමට එක් කළා.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මරාජ ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනයේ දී තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 454ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.
ඒ වෙද්දී දකුණත් පිතිකරු තරිඳු වර්ණකුලගේ පන්දු 286කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 203ක් ද සහ වමත් පිතිකරු ලක්වින් අබේසිංහ පන්දු 292කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 203ක් ද ලබා සිටියා.
- තරිඳු සහ ලක්වින් සුලෝහිතයන් මවිත කරයි
- අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමයට කඳවුරු සූදානම්
- කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයත් ඇවිලෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය නැවතත් ශම්මි සිල්වා මහතාට
- මාතර රාහුල විද්‍යාලය තියුණු ජයක් කරා
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 105ක් ලබා සිටියා.
එම ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 50කට සීමා වූ අතර ඉන් අනතුරු ව 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට යෝසත් අබේකෝන් සහ නිකේශල නානායක්කාර සමත් වුනා.
තරගය එදිනට නතර කරන විට යෝසත් අබේකෝන් පන්දු 120කට මුහුණ දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ නිකේශල නානායක්කාර පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ නිසල අබේරත්න ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව සුමේද ප්‍රසාද්ට ද කඩුල්ලක් හිමි වුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 454 (104.3) තරිඳු වර්ණකුලගේ නොදැවී 203, ලක්වින් අබේසිංහ නොදැවී 203
කිංග්ස්වුඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 105 (55.0) යෝසත් අබේකෝන් නොදැවී 20, නිකේශල නානායක්කාර නොදැවී 34, නිසල අබේරත්න 3/11
මෙම තරගය අද (06) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන් ThePapare 1, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<