ජපානයේ දී පැවැත්වෙන 10 වැනි Kinami Michitaka Memorial Athletics Meet තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වෙමින් එය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න අද (07) සමත් වුනා.
ලෝක මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන මහද්වීපික තරගාවලියේ ලෝකඩ කාණ්ඩයේ තරගාවලියක් වන මෙම තරගාවලියේ කාන්තා මීටර් 800 අවසන් තරගය පැවැත්වුණේ අදියර තුනක් ලෙසයි.
එහි තෙවැනි අදියර සඳහා සහභාගී වූ ගයන්තිකා තරගය මිනිත්තු 2:04.26ක කාලයකින් අවසන් කළ අතර අදියර තුනම අවසන් වූ පසු වේගවත්ම කාලය ගයන්තිකා සතු වූ නිසා තරගයේ ජයග්‍රහණය හිමි වුනේ ඇයටයි.
- අරුණගෙන් ජපානයේ දී තවත් සුපිරි ධාවනයක්
- අයෝමාල්ගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කම්
- ගයන්තිකා සහ අරුණ ජපානයේ දී වැඩ පෙන්වයි
- අයෝමාල්ගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කම්
ජපාන සංචාරය තුළ ඇය සහභාගී වූ දෙවැනි තරගය මෙය වූ අතර මීට පෙර සහභාගී වූ තරගයේ ද පළමු ස්ථානය දිනා ගැනීමට ඇයට හැකි වීම විශේෂත්වයක්.
ගයන්තිකාට අමතරව Kinami Michitaka තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් අරුණ දර්ශන සහ නිලානි රත්නායක සහභාගී වූ අතර අරුණ මීටර් 400 දෙවැනි තැන දිනා ගැනීමට සමත් වෙද්දී, නිලානි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත්තා.
මෙම ජපාන සංචාරයේ සහභාගී වූ අතර ලෝක මලල ක්‍රීඩා සංගමයේ මහද්වීපික තරගාවලියට අයත් නිසා ක්‍රීඩකයින්ට සිය ප්‍රසාද ලකුණු ඉහළ නංවා ගැනීමට ඉතා වැදගත් වෙනවා.
දිනෙන් දින උණුසුම් වන දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<