අශේන් ඩැනියල්ගේ අමුතු උපන් දින සාදයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට ජය

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

218

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (10) ක්‍රියාත්මක වූ අතර නිමාව දුටු තරග අතරින් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූයේ සාන්ත ජෝසප් විද්‍යාලය පමණි. ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයයි.

සාන්ත අන්තෝනි විද්‍යාලය B කාණ්ඩයේ පෙරමුණ ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

දෙවන දිනයට පැවති තරග

මහින්ද විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 8ක ජයක් හිමි වූ මේ තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

ලක්ෂාන් ගමගේ ලබා ගත් ශතකය සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 302ක ලකුණක් වෙත යාමට අවශ්‍ය මඟ සකස් කළ අතර නවෝද් පරණවිතාන කඩුලු 5ක් දවා ගනිමින් සාන්ත ජෝසප් පළමු ඉනිම එවැනි මට්ටමකින් සීමා කිරීමට ඔවුන්ට හැකි විය.

තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වන විට මහින්ද විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටි නමුත් ලකුණු 58ක් ලබාගෙන සිටි පරණවිතානගේ දැවී යාමට පසුව මහින්ද විද්‍යාල මැදපෙළ පිතිකරුවන්ව සිය අණසකට නතු කර ගැනීමට අශේන් ඩැනියල් ඇතුළු සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ.

මහින්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 144කට සීමා වීම නිසා ඔවුන්ට නැවතත් පිතිකරණයේ නිරත වීමට සාන්ත ජෝසප් විද්‍යාලය අවස්ථාව ලබා දුන් අතර ලකුණු 158ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ මහින්ද විද්‍යාලයේ මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක විය.

කෙසේ නමුත් සඳෙව් ඉඳුවර ලකුණු 83ක් ලබා ගනිමින් සිය විද්‍යාලය ඉනිමක පරාජයකින් ගලවා ගත් නමුත් දිනය අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට ඔහුට නොහැකි විය. ඉඳුවර හට අනගි සහයක් ලබා දුන් රශ්මික මධුසංක ලකුණු 54ක් ලබා ගත්තේය.

පසුව ලකුණු 55ක ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් විද්‍යාලය පන්දු 59ක් තුල කඩුලු 2ක් දැවී සිය ඉලක්කය සපුරා ගෙන මේ තරගයේ ජය තහවුරු කළේය.

දකුණතින් පිට දඟපන්දු යවන ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ ක්‍රීඩක අශේන් ඩැනියල් සිය 18 වැනි උපන් දිනය සැමරූ අද දිනය සිය දිවියේ අමතක නොවන මතකයක් බවට පරිවර්තනය කරගත්තේ තරගය පුරාවට මහින්ද විද්‍යාල කඩුලු 10ක් දවා ගනිමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලය – 302 (72) ලක්ෂාන් ගමගේ 118, ශෙරන් ෆොන්සේකා 32, දිනෙත් ජයකොඩි 28, මිරංග වික්‍රමගේ 24, නවෝද් පරණවිතාන 5/53. සහ 56/2 (9.5) ශිවාන් රසූල් 22, ශෙරන් ෆොන්සේකා 21*.

මහින්ද විද්‍යාලය – 144 (48.2) නවෝද් පරණවිතාන 58, අශේන් ඩැනියල් 4/14, මිරංග වික්‍රමගේ 4/40. සහ (F/O) 213 (53.3) සඳෙව් ඉඳුවර 83, රශ්මික මධුසංක 54, කවිඳු ලක්ෂාන් 24, අශේන් ඩැනියල් 6/80, මිරංග වික්‍රමගේ 2/46.

මහානාම විද්‍යාලයෙන් යෝධ ලකුණු පුවරුවක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව…


ධර්මරාජ විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය)

ධර්මරාජ විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. රවීන් ද සිල්වා ලකුණු 82ක් ලබා ගනිමින් නාලන්දා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ජිතේෂ් වාසල ලකුණු 29ක් ලබා ගනිමින් පන්දු යවන්නෙක් ලෙස ඔහුට ලබා දිය හැකි දායකත්වය ලබා දෙන ලදි.

එයට පිළිතුරු දුන් ධර්මරාජ විද්‍යාලය දුලාජ් බණ්ඩාර නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 48ක් ලබා ගත් නමුත් ඔහුගේ ඉනිම ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දීමට තරම් ප්‍රමාණවත් වූයේ නොමැත. පිතිකරණයෙන් ද දස්කම් දැක්වූ වාසල කඩුලු 4ක් දවා ගනිමින් සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය.

Photos: Dharmaraja College Vs Nalanda College | U19 Cricket Tournament 2019/20

ලකුණු 45ක පළමු ඉනිමේ අවාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ නාලන්දා විද්‍යාල ඉනිම තුල මෝක්ෂ සංකල්ප, නායක අවිශ්ක පෙරේරා සහ මහීම වීරකෝන් රධ ශතක ලබා ගනිමින් දස්කම් දැක්වූයේය. තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ උපේන්ද්‍ර වර්ණකුලසූරිය  නාලන්දා දෙවන ඉනිමේ කඩුලු 7ක් දවා ගන්නා ලදි.

නාලන්දා විද්‍යාලය – 209 (56.5) රවීන් ද සිල්වා 82, ජිතේෂ් වාසල 29, දුලාජ් බණ්ඩාර 3/35, චේතිය කසුන් 3/56, යසිත සමරරත්න 2/14. සහ 228 (63.2) මෝක්ෂ සංකල්ප 80, අවිශ්ක පෙරේරා 72, මහීම වීරකෝන් 52, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 7/76.

ධර්මරාජ විද්‍යාලය –164 (51) දුලාජ් බණ්ඩාර 48, චේතිය කසුන් 30, ජිතේෂ් වාසල 4/23, චමිඳු විජේසිංහ 4/60.

Video – ආබාධයකට ලක්වූ පිළියන්දල පිතිකරුවාව රැගෙන ගිය යාපනය ක්‍රීඩකයින්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ යාපනය…


පළමු දිනයට පැවති තරග

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

මයිකල් තිසේරා – රෝයි ඩයස් අභියෝගතා කුසලානය සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන්නේය.

සාන්ත තෝමස් විද්‍යාලය – 265 (71.2) යසිරු රොද්‍රිගෝ 59*, රයන් ප්‍රනාන්දු 57, ගවීන් බොතේජු 49, දිල්මින් රත්නායක 26, දනාල් හේමනන්ද 3/42, රුවින් සෙනෙවිරත්න 2/55, කනිෂ්ක මධුවන්ත 2/75.

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 83/2 (20):

Photos: S. Thomas’ College, Mt. Lavinia vs St. Peter’s College – Day 1 | Singer U19 Division 1 Cricket Tournament 2019/20


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

BRC ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඉසිපතන විද්‍යාලය පළමුව පන්දු යවන ලදි

සාන්ත ඇලෝසියස් විද්‍යාලය 109 (38) හර්ෂණ නදීෂ 31, සිතුක ගුණවර්ධන 3/44, තෙවිඳු දික්වැල්ල 2/06, යසිරු කස්තුරිආරච්චි 2/23.

ඉසිපතන විද්‍යාලය – 62/2 (16) රවිඳු රත්නායක 31*


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 185 (75.2) ක්‍රිශාන්ත බණ්ඩාර 73, ප්‍රබාශ්වර වන්නිනායක 43, ලොහාන් ද සොයිසා 6/62, කවිඳු නදීශාන් 2/45.

ධර්මාශෝක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 82/3 (18) සනුල සමීන් 30, හසිත රාජපක්ෂ 23.


සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දු යවන ලදි

ආනන්ද විද්‍යාලය – 210 (63.4) නෙත්ම කරුණාරත්න 77, අනුද ජයවීර 36, ජනිඳු ජයවර්ධන 32, කලන විජේසිරි 24, සසික පෙරේරා 3/21, නදීර ප්‍රනාන්දු 2/43, කලන සංදීප් 2/51

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 101/5 (30) දුනිත් ජයතුංග 48, බිහඟ මෙන්ඩිස් 36, ශෂික උමයංග 2/19.

ඉන්දියාව මවිත කරමින් යොවුන් ලෝක කුසලානය බංග්ලාදේශයට!

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට බංග්ලාදේශයට ලෝක කුසලානයක පහස විඳ ගැනීමට ඉඩ ලබා…


දේවපතිරාජ විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

වත්තල සාන්ත අන්තෝනි  විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දු යවන ලදි

දේවපතිරාජ විද්‍යාලය – 109 (53.1) මතීෂ සාරංග 26*, තරිඳු රුක්ෂාන් 24, පැතුම් විහඟ 5/26, කවීෂ දුලංජන 2/23.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 193/3 (43) අවිශ්ක තරිඳු 110*, ගිහාන් සත්මික 30.


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මහානාම විද්‍යාලය පළමුව පන්දු යවන ලදි

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 220 (89.2) මලීෂ සිල්වා 79, අභිෂේක් ආනන්දකුමාර් 37, සදීප් හලංගොඩ 29, සදිශාන් චමෝද්‍ය 4/30, නිසල් ආකාශ් 2/25, දෙවිඳු කෙක්රිදෙණිය 2/40.

මහානාම විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 20/0 (4):

මයිකල් තිසේරා – රෝයි ඩයස් අභියෝගතා කුසලානය වෙනුවෙන් සාන්ත පීතර සහ ගල්කිස්ස සාන්ත තෝමස් දෙවිදුහල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය හෙට (11) දිනයේ දී ද සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය ඩයලොග් TV නාලිකා අංක 16 ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත සජීව ලෙස ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග හෙට (11) දිනයේ දී දෙවන දිනය වෙනුවෙන් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<